Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 4ක්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ් අනුව දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, විෂ්‍යභාර කැබිනට් අමාත්‍යවරයා වන අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හා ඊට පරිබාහිරව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව ඒම කමිටු හතර වේ.

මේ අතර මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට  පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. ඒමෙන්ම තවත් රැදවියන් දෙදෙනකුගේ පීසීආර් පරීක්ෂණ අද (02) දින සිදු සිදුකිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. .

මෙම සිද්ධියේ දී රැඳවියන්ගේ 105 දෙනෙකු තුවාල ලබා රෝහල් කර ඇති බව වාර්තා වේ. ඒමෙන්ම මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු  මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

මෙම සිද්ධියෙන් පසුව බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒම තනතුරෙන් ඉවත්කර වෙනත් අමාත්‍යංශයක් ලබා දුන් අතර, අද දිනයේ (2) ඒම තනතුර සදහා ලොහාන් රත්වත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලොහාන් රත්වත්ත මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

Translate »
Scroll to Top