Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.

මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී.

එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.

“මේ පැමිණිලි ලැබී ඇත්තේ  දැනට මහර බන්ධනාගාරයේ  රිමාන්ඩ් ගත කර සිටින අබේසේකර මහතා කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රවෘත්ති වාර්තා පලවීමත් සමගය,” යි රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය සිය ලිපියෙන් පවසයි.

“මෙය අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනු ඇති බවට බරපතල අවධානයක් යොමුවී තිබේ. අප මේ ලිපිය ලියන්නේ මේ පැමිණිල්ල කෙරේ ක්ෂණික අවධානය යොමු කොට ඔබේ බාරයේ ඉන්නා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටීමටයි. අබේසේකර මහතාට වයිරසය ආසාදනය වී ඇතිනම්, වයිරස් ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාර කරන ළඟම ඇති රෝහලට වහාම ඇතුල් කරන ලෙස නිර්දේශ කරමු.”

ශානි අබේසේකරගේ ජීවිතය රැකදීම වෙනුවෙන් ගන්නා පියවර නොවැම්බර් 30 දාට පෙර දැනුම් දෙන ලෙස රමණි මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය බන්ධනාගාර කොමසාරිස්  තුෂාර උපුල්දෙණියගෙන් ඉල්ලා තිබේ.

කෝවිඩ් 19 වයිරස් ආසාදනය වී ඇති බව වාර්තා වෙන පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සැකකෙරෙන්නකුගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියාගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසටද මානව හිමිකම් කොමිසම මීට ඉහතදී බන්ධනාගාර ප්‍රධානියා ගෙන් ඉල්ලා යවා තිබුනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top