Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ක්‍රියාදරයින් දැනුවත් කරයි

Right to life මානව හිමිකම් සංවිධානයට අනුබද්ධිත හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කෙරුණු මානව හිමිකම්,මිනිස් මූලික අයිතිවාසිකම්  සහ රටේ පවත්නා වත්මන් තත්වය පිලිබද හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (13) දවස පුරා අම්බලන්තොටදී පැවැත්විණි.

මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මානව හිමිකම් ක්‍රියාදරයින් පිරිසක් එක්ව සිටි අතර Right to life මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක,නීතී නිළධාරී නීතීඥ හිරෝෂන් ලක්ෂාන්,දකුණු පළාත් සම්බන්ධීකාරක තරංග පටබැදි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙහිදී නීතියේ ආදිපාත්‍යය,මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම්  සහ රටේ පවත්නා වත්මන් තත්වය පිලිබද පිරිස දැනුවත් කෙරුණි.

සූරියවැව නුවන් ජයසේකර

Scroll to Top