Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

අවිධිමත් නිරෝධායන තුල ඇගළුම් සේවිකාවන් මුහුණ දෙන ගැටළු පිලිබඳ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකඡ්චාව පැවැත්වුයේ නිරෝධානය සඳහා සේවක සේවිකාවන් ගෙනයාමේ දි අදාල නිළධාරීන් විසින් සිදු කරන අක්‍රමිකතා පිළිබඳව විරෝධතාවය දැක්වීම සඳහයි.

පසුගිය දින කිහිපය තුළ මිනිවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ රෝගීන් පොකුරට පරිබාහිරව කටුනායක නිදහස් වෙළඳකාලපය තුල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසා කොරෝනා ආසාධිත යැයි සැක සහිත පුද්ගලයන්ව ඔවුන් වාසය කරන නේවාසිකාගාර තුලට හමුදා නිලධාරීන් පැමිණ ඉතා සුළු කාල වේලාවක් තුළ (තප්පර 20ක පමණ කාලයකින්) නිරෝදායන මද්‍යස්ථාන සඳහා බස් රථ වලට ගොඩවෙන ලෙස අණ කර ඇත.

එම කාලය තුල ඔවුන්ට නිරෝදායන මද්‍යස්ථාන වෙත ගෙනයාමට අත්‍යවශ්‍ය බඩුබාහිරාදියවත් ලැස්තිකර ගැනීමට්වත් කාලයක් ඔවුන්ට ලබා දි නැත. ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ශක ද්‍රව්‍යවත් මේ වන විට ඔවුන් සන්තකයේ නොමැත. අඩුම තරමේ ඔවුන් රැගෙන යන්නේ කුමන නිරෝධායන මද්‍යස්ථානයටද යන්නවත් ඔවුන්ව දැනුවත් කර නොමැත. ඔවුන්ගේ පවුල් වල අයව දැනුවත් කිරීමටවත් කාලයක් හෝ තොරතුරක් ඔවුන් දැනුවත් ව සිට නොමැත.

නිරෝධායන මද්‍යස්ථාන වලදි ඔවුන්ට අවශ්‍ය මුඛ ආවරණ, අත්සේදිමේ සබන් දියර හෝ විෂබීජනාශක දියරවත් ලබා දී නොමැත. සෙඌඛ්‍ය පරීක්ශකවරුන්ගේ අධීක්ශනයෙන්වත් එම පහසුකම් සැපයීම සිදු නොවී ඇත. සමහර නිරෝධානයන මද්‍යස්ථාන වල 500කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට රඳවා ඇත. එම පිරිස් අතර කිරිදෙන මව්වරු, ළදරුවන්, ගැබිනි මව්වරු, වයෝවෘධ වැඩිහිටියන් හා පැවිදි මෙහෙණීන් වහන්සේලාද විය.

මෙම ක්‍රියාවලිය තුල කිසිදු පහසුකමක් නොමැතිව හා කම්කරුවන් අපරාධකරුවන් ලෙස සලකා රැගෙන යන මෙම ක්‍රියාවලිය පිළිබඳව වගකිය යුත්තන්ගේ අවධානය ගත යුතු බවට මෙම මාධ්‍ය සාකච්ඡාවේදි අවධානය කෙරෙන.

මෙහිදි ඔවුන් ප්‍රධාන ලෙස හොවා දැක්වූයේ රටට විදේශ විනිමය උඅපයන ලෙස මෙම අවස්ථාවේ දි ඔවුන්ව වෙනස්කොට සැලකීම, නොසලකා හැරීම හා දෙවෙනි පුරවැසියන් ලෙස සැලකීම්යි. එමෙන්ම ඔවුන් මේ පිලිබඳව පෙත්සමක් මානව හිමිකම් කොමිසම වෙතද ඉදිරිපත් කරන් අබව පැවසීය.

Translate »
Scroll to Top