Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ වැඩසටහනක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ …

සමාජය තුළ ජාතිවාදය හා ප්‍රචන්ඩත්වය ඉස්මතුකරවන වෛරී ප්‍රකාශ මගහරිමින් එවැනි ක්‍රියාකාරකම් වලට හසුනොවන ප්‍රචන්ඩත්වයෙන් තොර ජන සමාජයක් ගොඩනගන්නේ කෙසේද යන්න අරමුණු කර ගනිමින් පවත්වන ලද අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ එක් දින මාර්ගගත පුහුණු වැඩසටහනක් පසුගිය නොවැම්බර් 25 වන දින බදුල්ල, ගම්පහ ,ගාල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන්හි පිහිටි  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන්හි ප්‍රධානත්වයෙන් එම ප්‍රදේශයන්හීදී ඔන්ලයින් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ  පැවැත්වුනි. 


මෙම වැඩසටහනේදී අවිහිංසා සන්නිවේදනය යනු කුමක්ද යන්නත්, එහි මූලික අරමුණු හා මූලධර්ම පිළිබඳවත් මෙන්ම අවිහිංසා සන්නිවේදනය හා සමාජ වෙනස යන කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදි. මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායක වශයෙන් කටයුතු කළ CCT ආයතනය ඔන්ලයින් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ මෙම වැඩසටහන කොළඹ සිට මෙහෙයවීම විශේෂ කොට සැලකිය යුතුය.


නියමිත සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රදේශයන්හි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා අදාළ   දිස්ත්‍රික්කයන්හි මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගී වී තිබූ අතර  ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූර්ණ අධීක්ෂණය, මගපෙන්වීම හා සංවිධාන ශක්තිය යටතේ මෙම වැඩසටහන දියත් කොට තිබුනි. 

Translate »
Scroll to Top