Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය

වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු මවකි. 2005 වර්ෂයේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස විදෙස් රැකියාවක් සඳහා කුවේට් රාජ්‍ය බලා පිටත් වීමට සැලසුම් කර තිබුනු අතර ඒ අනුව වර්ෂ 2005 ඔක්තෝබර් මස 10 වන දින පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ගුවන් ගත වීමට නියමිතව තිබුණි. ඇය නියමිත වේලාවට ගුවන් තොටුපලට පිවිසී තිබුනු අතර එහිදී ගුවන් යානය වෙත පිවිසීමට තිබෙන පර්යන්තයේදී ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙකු විසින් ස්ත්‍රී දූෂණයට ලක් කර තිබුණි.

මෙම සිද්ධිය වාර්ථා වීමත් සමග රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම යටතේ අපර්ණා ජීවන්ති වෙනුවෙන් නීති උපදෙස්, නීති ආධාර ලබා දීමත්, මනෝවිද්‍යාත්මක උපදේශණ ලබා දීමටත් කටයුතු කරන ලදි.ඒ අනුව සිද්ධිය පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කළ මූලික විමර්ශන කඩිනම් කිරීමේ අරමුණින් සහ වින්දිත පාර්ශවය වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීමේ අරමුණින් පෞද්ගලික නීතීඥ නියෝජනයක් ලබා දීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන ස්ත්‍රී දූෂණය නම් සාපරාධී අපරාධ වරද යටතේ මීගමුව මහාධිකරණයේදී නඩු අංක එච්.සී. 162/09 යටතේ අධිචෝදනා ගොනු කිරීමට හැකි විය.

ඉහත නඩුව මහාධිකරණයේදී කඩිනමින් විභාගයට ගැනුනු අතර එහි තීන්දුව 2016 අගෝස්තු මස 10 වන දින ලබා දෙමින් අධිකරණය දක්වා සිටියේ මෙහි චූදිතගේ වරද සාධාරණ සැකයෙන් තොරව ඔප්පු ඇති බවත්, ඒ අනුව චූදිත වසර 20ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කරන බවත්, ඊට අමතරව රුපියල් 20,000ක දඩ මුදලක් නියම කරන බවයි. තවද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම වන බව දක්වන ලදි. එසේම අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 04ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් තවත් වසර 02ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් නියමවන බව දක්වන ලදි.

නමුත් මෙම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිත අභියාචනාධිකරණය වෙත නඩු අංක සී.ඒ.232/16 අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය වර්ෂ 2022 පෙබරවාරි මස 14 වන දින විවාදයට ගැනුනු අතර අනතුරුව එම අභියාචනය නිෂ්ප්‍රභා කරමින් වර්ෂ 2022 අප්‍රේල් මස 05 වන දින එහි තීන්දුව දෙමින් අභියාචනාධිකරණය විසින් මහාධිකරණ තීන්දුව යම් ප්‍රමාණයකට සංශෝධනයකට ලක් කොට ඇති අතර ඒ අනුව අභියාචනාධිකරණය දක්වා ඇත්තේ මෙහි චූදිත අදාළ චෝදනාවන්ට වරදකරු වන බවත් ඒ අනුව චූදිතට වසර 05ක බරපතල වැඩසහිත සිරදඬුවමක් සහ රුපියල් දසදහසක දඩ මුදලක් නියම කර ඇති අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක බරපතල සිරදඩුවමක් නියම වන බව දක්වා ඇත. ඊට අමතරව මෙහි අගතියට පත් අපර්ණා ජීවන්ති වෙනුවෙන් රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවීමට නියම කර ඇති අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 02ක බරපතල වැඩසහිත සිර දඩුවමක් නියම වන බව දක්වා ඇත. තවද මෙම නඩුවේ සියළු සාධක සලකා බලමින් අභියාචනාධිකරණය දක්වා ඇත්තේ මෙම දඩුවම මහාධිකරණ තීන්දුව ලබා දුන් දින සිට ක්‍රියාත්මක වන ලෙසට නියෝග කරන බවයි.

Translate »
Scroll to Top