Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු කළමණාකාර සහකාරවරයෙකු බව අනාවරණය වේ.

පසුගිය 10 වන දා දවල් ආහාරය ගැනීමට පිටතට පැමිණි ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ යැයි සැළකෙන පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලබන්නේ රු.ලක්ෂ 10කට ආසන්න හෙරොයින් ග්‍රෑම් 15ක් ලඟ තබා ගත් බවට යන චෝදනාව මතයි. ඒ අනුව සමන් කුමාරගෙන් රාත්‍රිය වනතුරු ප්‍රතිචාරයක් නොමැති විම නිසා බිරිඳ ඔහුගේ යාලුවන් වෙත පවසන්නේ පොලීසියට පැමිණිළි කරන ලෙසයි. එහි දී ඔවුන් නාරහේන්පිට පොලීසිය වෙත පැමිණිලි කිරීමට ගියත් එය පොලීසිය විසින් භාර නොගෙන ඇත.

පසු දා එනම් 11 වන දින වාර්තා වන්නේ පහර දීමකින් සමන් කුමාර මිය ගොස් සිටි බවත් ඔහුගේ සිරුර මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය විසින් ජාතික රෝහල වෙත භාර දී ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මූළික විමර්ශන සිඳු කරන අතර මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් එක්ක කර ඇත.

එසේම මෙම සිඳුවීම මාධ්‍ය වාර්තා කර ඇති අන්දම පිළිබඳව ද සමන් කුමාරගේ පවුල තුළ ඇත්තේ මහත් අප්‍රසාදයකි. එනම් කිසිඳු හෙවිල්ලක් නොමැතිව සමන් කුමාර මාධ්‍ය ඉදිරියේ කුඩුකාරයෙක් කර හමාරය.

Translate »
Scroll to Top