Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කොවිඩ් මර්ධනයට රැඩිකල් සමාජ ප්‍රතිචාරයක් අවශ්‍යද?

පසුගිය සති අන්තයේ දී, කොවිඩ්-19 රෝගීන් මිලියන 50ක් වාර්තා වූ අතර, මරන මිලියන 1.25 ඉක්මවා ගියේ, ඇමරිකාව හා යුරෝපය අද වන විට වසංගතයේ දරුනුතම අවධියට මුහුන දී තිබිය දී ය. ප්‍රංශය හා ඉතාලියේ රෝහල් යලිත් වරක් උතුරා ගොස් ඇත්තේ, රෝගීන් ජර්මනිය ඇතුළු අවට රටවලට මාරු කිරීමට ඔවුන් පොලඹවමිනි. සෙනසුරාදා ප්‍රංශය වාර්තාගත ලෙස රෝගීන් 86,852ක් සටහන් කලේ ය. රටේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රපාතයට ඇද වැටෙත් ම, වාතාශ්‍රක වල ආධාරයෙන් සිටින පුද්ගලයන් රෝහල් පිරී යාම හා ඇතමෙකු බිම පවා වැතිරී සිටීම සමග හිර වූ ඉතාලි රෝහල්වල කොරිඩෝවල ඡායාරූප හා වීඩියෝ පට පැතිරී ගොස් ඇත. සෙනසුරාදා, ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යංශය පැය 24 ක් තුල නව කොරෝනා ‍වෛරස් ආසාදන 39,811ක් වාර්තා කර ඇති අතර එය රටේ ඉහලම දෛනික අගය යි. රටේ වෛරසය හා සම්බන්ධ මුළු මරන සංඛ්‍යාව 41,000 ඉක්මවා ඇත.

එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා, සිකුරාදා හා සෙනසුරාදා දෛනික ව රෝගීන් 132,000 කරා ලඟා වෙමින් වාර්තා ගත නව රෝගීන් සටහන් කර ඇත. දැන් එක්සත් ජනපදයේ දෛනික නව රෝගීන් සංඛ්‍යාව මුළු වසංගතය අතරතුර චීනයේ හමු වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවට වඩා ඉහල අගයක් ගනී. පසුගිය සතිය තුල ඇමරිකාවේ දෛනික නව රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 30 කින් ඉහල ගොස් තිබේ. ප්‍රාන්ත දහනකවයක් කොවිඩ්-19 රෝගීන් වාර්තාගත සංඛ්‍යාවක් රෝහල්ගත ව සිටින බව වාර්තා කරන අතර, ප්‍රාන්ත 43ක් වැඩි වන රෝගීන් වාර්තා කරමින් සිටී. එක්සත් ජනපදයේ දැන් කොවිඩ් 19 රෝගීන් මිලියන 10ක් නැතහොත් ලෝකයේ මුළු සංඛ්‍යාවෙන් දහයෙන් එකක් ඇති අතර, 250,000 ට ආසන්න පිරිසක් මියගොස් ඇත. වසංගත රෝග විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ වසර අවසාන වන විට මරන සංඛ්‍යාව 400,000 දක්වා ඉහල යා හැකි බව යි.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා ජර්මනිය මත්පැන් ශාලා හා ව්‍යායාම් ශලා වසා දැමීම ඇතුළු සුළු සීමාවන් ක්‍රියාත්මක කර ඇති නමුත් පාසල් වසා දැමීමට හෝ අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන පහසුකම්වල නිෂ්පාදනය වසා දැමීමට ඒවා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. රෝගය පැතිරවීමේ දී සේවා ස්ථානවල දායකත්වය පිලිබඳ නව සාක්ෂි මතුවී තිබියදීත්, පාලක පන්තියෙන් පාසල් හා කර්මාන්තශාලා වැසීමට විරෝධය එල්ල වේ. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානයේ (සීඩීසී) මෑත වාර්තාවක් නිගමනය කලේ කොරෝනා වෛරස සඳහා පරීක්‍ෂා මගින් තහවුරු කෙරුනු වැඩිහිටියන් සසඳන විට, නිවසේ සිට වැඩ කල අයට වඩා කාර්යාලයක හෝ කර්මාන්ත ශාලාවක වැඩ කල අය අතර සිටින ආසාදිතයින් සංඛ්‍යාව දෙගුනයක් වී ඇති බවයි.

ජනාධිපතිවරනයේ දී ඩිමොක්‍රටික් ජෝ බයිඩෙන්ගේ ජයග්‍රහනය තල්ලු කෙරුනේ ට්‍රම්ප් විනාසකාරී ලෙස වසංගතය හැසිරවීම සම්බන්ධයෙන් ඇතිවූ මහජන නොසන්සුන්තාවයයි. නමුත් ව්‍යාපාර පිලිබඳ බයිඩෙන්ගේ පලමු පටිපාටය වූයේ වත්මන් පරිපාලනයෙන් මූලික වෙනසක් සිදු නො වන බවට ප්‍රධාන සමාගම්වලට සහතික වීම යි. බයිඩෙන්ට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් එසේ කලේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට සම්පූර්නයෙන්ම විරුද්ධ වූ කොරෝනා වෛරස් ප්‍රතිපත්තියක් ඔහු විසින් ක්‍රියාත්මක කරනු ඇතැ යි යන බලාපොරොත්තුවෙනි. නමුත් තවමත් ඒ පිළිබඳ බලාපොරොත්තු සහගත තත්වයක් නිර්මාණය නොවී තිබීම ඇමරිකන් ජන සමාජයට තදින් බලපානු ඇත.

ශතවර්ෂයකට අධික කාලයක් තුල සිදු වූ විශාලතම සෞඛ්‍ය ව්‍යසනය වන කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රැඩිකල් සමාජ ප්‍රතිචාරයක් අවශ්‍ය බව පෙනී යයි. පාසල් හා අත්‍යවශ්‍ය නො වන සේවා ස්ථාන වසා දැමිය යුතු අතර, අහිමි වූ වැටුප් සඳහා කම්කරුවන්ට වන්දි ගෙවීම හා දුරස්ථ ඉගෙනීම සඳහා ළමුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා සමාජ සම්පත් විශාල වශයෙන් වෙන් කල යුතු ය. විශ්වීය පරීක්ෂන, ආශ්‍රයන් සොයා ගැනීම හා සැමට නොමිලේ ප්‍රතිකාර කිරීම ඇතුළු මහජන සෞඛ්‍ය පොදුකාර්ය පහසුකම් සඳහා විශාල ආයෝජනයක් තිබිය යුතු ය. මේ සඳහා සෞඛ්‍ය ආරක්ෂන පොදුකාර්ය පහසුකම් සහ රෝහල් ගොඩනැගීම සඳහා විශාල පොදු වැඩ වැඩසටහනක් අවශ්‍ය වේ. එන්නතක් වර්ධනය කිරීම හා නිදහසේ බෙදා හැරීම සඳහා දැවැන්ත ගෝලීය මහජන උත්සාහයක් අවශ්‍ය වේ. මෙම වැදගත් උත්සාහය සංගත ලාභ අවශ්‍යතා හා ජාතික රාජ්‍යයන් අතර තරඟයට යටත් නොකළ යුතුය.

Translate »
Scroll to Top