Right To Life Human Rights Center

කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ලේදී

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 08 වන දින  බදුල්ල   දිස්ත්‍රික්   මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ඇටම්පිටිය ප්‍රදේශයේදී  පැවැත්වුනි .

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ඇටම්පිටිය  ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා  බදුල්ල  දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් සහ වතු කම්කරුවන් නියෝජනය කරමින් ප්‍රජාමූල නානායකයින් ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි .

Scroll to Top