Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අයිතිවාසිකම් මර්ධනය කිරීම

1979 දී බලාත්මක කරන ලද කුප්‍රකට පීටීඒ (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත) යටතේ, “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන සැකය” මත ආරක්ෂක ඇමතිවරයාට ඕනෑ ම අයෙකු දවස් 90ක් රඳවාගත හැකි ය. ආරක්ෂක ඇමතිට එම රඳවා ගැනීම දවස් 180ක් දක්වා දීර්ඝ කල හැකි ය.

චෝදනාවලින් තොර ව ඕනෑ ම අයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා, පීටීඒ මගින් පොලිසියට පුළුල් බලතල ලබා දෙයි. පාපෝච්ඡාරන ලබාගැනීම සඳහා වද බන්ධන යොදාගැනීම ගැන කුප්‍රකට ලංකාවේ පොලීසියට, මෙම “පාපෝච්ඡාරන” උසාවියේ දී සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අවසර ලැබේ. තමන් “ත්‍රස්තවාදී” යි සලකන ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීමට පීටීඒ යටතේ ආන්ඩුවට බලය ඇති අතර, එයට එම සංවිධානයෙහි වත්කම් රාජසන්තක කල හැකි ය.

1983 දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව, කොලඹ ආන්ඩුව එහි වාර්ගික යුද්ධය ආරම්භ කල තැන් පටන් දෙමල ජනතාව, විශේෂයෙන් ම තරුනයන් රඳවා ගැනීමට, පීටීඒ පුළුල් වසයෙන් යොදාගනු ලැබ ඇත. අගෝස්තු 18දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලය සංවිධානය කරන ලද විරෝධතාවකට එරෙහි ව එල්ල කරන ලද ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරයකින් දවස් හතරකට පසුව, මුදලිගේ, සිරිධම්ම හා ගුනතිලක යන තිදෙනාට එරෙහි රැඳවුම් නියෝග නිකුත් කරන ලදී. ශිෂ්‍යයන් 2,000ක් පමන එම විරෝධතාවට සහභාගි වූ අතර, “රනිල්-රාජපක්ෂ ජුන්ටාව ගෙදර යනු, මර්දනය නවතනු,” “අත්අඩංගුවට ගත් අරගල යේ ක්‍රියාධරයන් නිදහස් කරනු” හා “මහජන සභා ගොඩනගනු” යන ඒවා ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් විය.

දිගු කාලයක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් බලාත්මක කරන්නෙකු වන වික්‍රමසිංහ, එහි කප්පාදු පියවර පැනවීම කරා ඉදිරියට යමින් සිටී. ඔහුගේ පූර්වගාමියා මෙන් ඔහුගේ ද ඉලක්කය වන්නේ, ලංකාවේ ගැඹුරු ආර්ථික අර්බුදයේ බර මහජනතාව මත පැටවීමයි. රාජ්‍ය අංශයේ රැකියා දසදහස් ගනනක් විනාශ කිරීම, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය, බදු ඉහල දැමීම, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් රුදුරු ලෙස කප්පාදු කිරීම සහ අනෙකුත් දරුනු සමාජ ප්‍රහාර සඳහා ජාමූඅ විධානය කරමින් සිටී.

මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීමට සහ කම්කරුවන් හා දුගීන්ගේ මහජන විරෝධය මර්දනය කිරීමට තම හස්තය ශක්තිමත් කරගනුවස් සර්ව-පාක්ෂික ආන්ඩුවක් ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටී.

Translate »
Scroll to Top