Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

තිහගොඩ සිද්ධියේ දරුවා වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් අධිකරණයට

මාතර තිහගොඩ ප්‍රදේශයේ වෙඩි වැදී දැනට අසාධ්‍ය තත්වයේ සිටින හර්ශක දේශාන් යන දරුවා සම්බන්ධයෙන් ඇති නඩුව පසුගිය 20 වන දා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී කැදවුණි. එහි දී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා එදින ගරු මහේස්ත්‍රාත්වරයාගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා ඇත.

ඒ අනුව වෙඩි තැබීම වූ වේලාවේ එම ස්ථානයේ ප්‍රධාන සැකකරුට අමතරව තවත් පොලිස් නිළධාරී 04 දෙනෙකු සිටි බැවින් ඔවුන් ද හදුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකළ යුතු බවත් එම නිළධාරීන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 34 වන වගන්තිය අදාළ කළ යුතු බවත්ය.

තවද මෙම සැකකරුවන් හට 1994 අංක 22 දරණ වධහිංසා පනත යටතේ ද් නඩු පැවරීමට කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා ඇත.

එසේම මෙම සිද්දියට මුහුණ දුන් හර්ශක දේශාන් නැමැති දරුවා මේ වන විට යහපහ් සෞඛ්‍ය තත්වයක නොමැති හෙයින් ඔහුව යොදාගෙන සිඳු කිරීමට යන හදුනා ගැමීමේ පෙරට්ටුව සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ සළකා බලා කටයුතු කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මහතා ඉල්ලා ඇත.

එමෙන්ම මාතර අපරාධ අංශයේ අවිධිමත් පරීක්ෂණ හේතුවෙන් මෙම නඩුවෙහි ඉඳිරි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දෙන ලෙසත්, වෙඩි වැදී බරපතල හානි වී සිටින මෙම දරුවාගේ සනීපාරක්ෂක සහ බෙහෙත් සඳහා යන වියදම අධික හෙයින් ඒ සඳහා ඔහුගේ දෙමව්පියන් හට රු.100,000ක සානුකම්පිත දීමනාවක් ලබා දෙන ලෙසට දැනට නම්කර සිටින සැකකරු හට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම නීතීඥ මහතා අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ඉල්ලා ඇත.

මේ සියළු ඉල්ලීම් පිළිබඳව තිරණය ලබන පෙබරවාරි මස 3 වන දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ලබා දීමට නියමිතයි.

Translate »
Scroll to Top