Right To Life Human Rights Center

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම

පසුගිය සැප්තැම්බර් 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් ගොඩනැගුනු අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ එකමුතුව “තොරතුරු දැනගැනීම උදෙසා වූ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් විද්වත් කථිකාවතක් හා දේශනයක් සව්සිරිපාය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි..

මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, හිටපු කථානායක කරූ ජයසූරීය මහතා, තොරතුරු දැන ගැනීමේ කාර්‍යාලයේ නීති උපදේශිකා අශ්විනි නටේසන් මෙනවිය, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේඛම් එච්. හේවගේ මහතා හා ජගත් ලියනාරච්චි මහතා සම්බන්ධ විය.

මෙහිදි තොරතුර් දැන ගැනීමේ පනත භාවිත කරපු පිරිස් අතරින් සුවීශේශි පුද්ගලයන් වූ සුරංග රූපසිංහ මහතා හා රාහුල් සමන්ත මහතා විසින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නා ලදි. එමෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් හා ජාතික මට්ටමේ මාධ්‍යවේදීන් රැසක් මේ සඳහා සහබාගි විය.

Scroll to Top