Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත්හ.

එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. දෙවන පුහුණු වැඩසටහන ආනමඩුව ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයන් වෙනුවෙන් පැවැත්විය. මෙම පුහුණුව සඳහා එම ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයින් 45 දෙනෙකු සහබාගි විය. එම පිරිස ඉතා උනන්දුවෙන් හා දැනුවත්භාවයෙන් යුතුව මෙම වැඩසටහන සඳහා සහබාගි විය.

පුහුණ මෙහෙයවන ලද්දේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා, ඇන්තනි විනෝත් මහතා හා විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතාගේ සහබාගිත්වයෙන් සිදු විය. එම මද්‍යස්ථානයේ සම්බන්ධීකාරක ලෙස නිමල් අබේසිංහ මහතා ක්‍රියා කරයි.

Translate »
Scroll to Top