Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

නීති වෙනස් කරමින් ඒකාධිපතිත්වය කරා…

ජනාධිපතිගේ සමහර බලතල සීමා කරමින් 2015 දී හඳුන්වා දුන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, නව 20 වන සංශෝධනය මගින් අවලංගු ‌කෙරෙයි. පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතරහමාරක් වන තෙක් එය විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වැලැක්වීම, ඉහල රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවරුන් පත් කිරීම සඳහා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත්කිරීම හා ඉවත් කිරීම අගමැතිගේ උපදෙස් මත පමනක් සිදු කිරීම, 19 වන සංශෝධනයට ඇතුලත් විය. විරුද්ධ පක්ෂ සහ තවත් කන්ඩායම් කිහිපයක්, නව සංශෝධනයෙන් ජනතාවගේ ස්වෛරීත්වය අහෝසි කෙරෙන බවට නියෝග කරන ලෙස ඉල්ලමින්, ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සම් ගොනු කල හ. සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරනයක් අවශ්‍ය යැයි ප්‍රකාශ කරන ලෙස ඔවුහු අධිකරනයෙන් ඉල්ලා සිටියහ.

ඇමති ජී. එල්. පීරිස් ප්‍රකාශ කලේ, 20 වන සංශෝධනයේ සඳහන් වූ, නඩු පවරනු ලැබීමෙන් ජනාධිපතිවරයා මුක්ත කිරීමට, ජනමත විචාරනයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරනය නිගමනය කල හෙයින්, එය ඉවත් කරන ලද බව යි. නව ව්‍යවස්ථා සංශෝධනයෙන්, අගමැති හා කැබිනට් ඇමතිවරු පත් කිරීමට හෝ ඉවත් කිරීමට; මැතිවරනයෙන් අවුරුදු දෙකහමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට; මැතිවරන, පොලිස්, මානව හිමිකම්, අල්ලස් හා දූෂන සහ මූල්‍ය කොමිසන් සභාවල සභාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිට බලතල ලබා දෙයි. ඉහල විනිසුරුවරුන් හා නීතිපති පත්කරන බලධාරියා වන්නේ ද ජනාධිපති ය.

එවකට පැවති එජාප ආන්ඩුව විසින් 1978 විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව හඳුන්වා දී එහි නායක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ලෙස පත් කලේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටිද්දී ය. විවෘත-වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දමද්දී, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් කප්පාදුවට එරෙහි ව මතු වුනු විරෝධය තලා දැමීමට, ජනාධිපතිගේ ඒකාධිපති බලතල යොදා ගන්නා ලදී. කම්කරු පන්තිය හා පීඩිතයින් බෙදා, දුර්වල කොට මර්දනය කිරීම සඳහා, 1983 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව තිස් අවුරුද්දක් ඇදී ගිය වාර්ගික සිවිල් යුද්ධය ඇවිලවුනි.

ගෝලීය අර්බුදය විසින් ගැඹුරු කරනු ලබන යෝධ ආර්ථික, දේශපාලනික හා සමාජ කලබගෑනියක නව කාල පරිච්ඡේදයක් මධ්‍යයේ, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව සූදානම් වන්නේ අනිවාර්යයෙන් මතු වන පන්ති අරගල මැඩීමටය. ගෝලීය වසංගතය පැවතෙමින් ගෙවී ගිය පසුගිය මාස දහය තුල, අනෙක් රටවල මෙන් ශ්‍රී ලංකාවේ අර්බුදය ද කිහිප ගුනයකින් වැඩි දියුනු වී ඇත. ශ්‍රී ලංකාව තුල ආඥාදායක පාලනයක් දෙසට ගන්නා පියවර, ෆැසිස්ට්වාදී හා ඒකාධිපති පාලනයන් දෙසට ගෝලීය පරිමානව පාලක පන්තීන් ගෙන යන ධාවනයේ කොටසකි. ෆැසිස්ට්වාදී බලවේග රැලි කර ගනිමින් සිටින ට්‍රම්ප් පරිපාලනය, නොවැම්බර් මැතිවරනයේ දී කුමන්ත්‍රනයක් සඳහා උත්සාහ දරයි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ඒකාධිපති ආන්ඩුවේ බලතල ශක්තිමත් කරමින් සිටී.

Translate »
Scroll to Top