Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පියාටත් පුතාටත් අමානුෂිකව පහර දුන් ඇඹිලිපිටිය පොලීසිය

 

පසුගිය 29 වෙනිදා ඇඹිලිපිටිය පොලිසීය විසින් කමල් ගුණපාල යන දෙදරු පියා අත් අඩංගුවට ගනු ලැබන්නේ සොරකමක් සම්බන්ධයෙනි. එ විට ඔහුගේ බිරිඳ වන පියසීලි කුමාරි තම සහෝදරිය බැලීමට ගොස් ඇති අතර පසුව තම දියණිය විසින් දුරකථන ඇමතුමක් රැගෙන පවසා ඇත්තේ තම ස්වාමියා පොලීසියට රැගෙන යන බවත් ඉක්මනින් නිවස වෙත පැමිණෙන බවත්ය. හැකි ඉක්මණින් නිවස වෙත පැමිණෙන පියසීලී ට දැකගැනීමට ලැබෙන්නේ පොලිස් අත් අඩංගුවේ පසුවන තම ස්වාමියාය. පසුව තම ස්වාමියා බැලීමට ඇඹිලිපිටිය පොලීසිය වෙත යන පියසීලීව අපරාධ අංශය වෙත රැගෙන යන පොලිස් නිළදාරියෙකු ඇයව එහි ප්‍රධාන පොලිස් නිළධාරියා වෙත භාර දෙන්නේය. එහි දී එම ප්‍රධාන නිළධාරියා අයට පරුශ වචනයෙන් බැන ” මූ හංගපු සල්ලි කොහෙද කියාපිය” යනුවෙන් කෑ ගසා පියසීලිගේ ඇඳ සිටි ඇදුමෙන් අදින අතර එ හිදී ඇඟේ බ්ලවුසය සහ යට ඇඳුම ඉරා ගොස් අඩ නිර්වස්ත්‍ර වි ඇත. එහි දී අනෙක් පොලිස් නිළධාරීන් ඇයට සිනා වී ඇත. පසුව පියසීලි සිටි තැනට ඇයගේ ස්වාමියා වන කමල් ව පොලීසිය විසින් ගෙන එන් අතර සිසීටීඊ දර්ශන පෙන්නා එම සොරකම කළේ කමල් දැයි විමසා ඇත. නැත යනුවෙන් පිළිතුරු දුන් කමල් හට පොලිසීය පහර දී පවසා ඇත්තේ වරද පිළිනොගත්තොත් තම දරු දෙදෙනාට ලැජ්ජා කරන බවයි. එනම් ඔවුන්ගේ දියණියගේ පාසලේ විදුහල්පති සමඟ මේ සම්බන්ධයෙන් කතා කර දියණියට අවමන් කරන බව පොලිස් නිළධාරින් පවසා ඇත. මේ හේතුවෙන් කමල් වරද පිළිගන්නා අතර පසුව සොරාගත් මුදල් සෙවීමට කමල් සහ පියසීලි යන දෙදෙනාම පොලිස් ජීප් රථ්යේ නංවාගෙන ඔවුන්ගේ නිවසට ගොස් ඇත. ඉන්පසු සොරාගත් මුදල් තිබෙන්නේ කොහෙදැයි කියා කමල්ට පහර දී අසා ඇති අතර ඔහු නිහඬව සිටි නිසා ඔවුන්ගේ 17 හවිරිදි පවන් මදුසංක යන දරුවාට ද පයින් පහර දී ඇත. එසේම ” තත්ත හොරකම් කරපු බඩු කෝ” යනුවෙන් අසමින් එම දරුවාව කාමරයකට රැගෙන ගොස් අත් දෙකට මාංචු දමා හෝස් බටයකින් සහ මීටර් කෝදුවකින් අමානුෂික ලෙස පහර දී ඇත.

පසුව නැවතත් කමල් වෙත එන පොලිස් නිළධරීන් ඔහුව ඔවුන්ගේ පරණ නිවස තිබූ ස්ථානයට ඇදගෙන ගොස් නැවතත් ඔහුට සහ 17 හැවිරිදි දරුවාට ලණුවකින් බැඳ පොල්ලකින් පහර දී ඇත. ඉන්පසු පියසීලී, කමල් සහ ඔවුන්ගේ පුතා වන පවන් යන අයව පොලිස් නිළධාරින් ව්සින් පොලීසිය වෙත රැගෙන යන අතර පියසීලි සහ කමල් ව සිරගත කර ඇත. පවන් මදුසංක යන අයව තනියම ප්‍රශ්න කිරීමට ගෙන ගොස් ඇති අතර එහි දී ” අපි ගැහුවා කියලා උබ කිව්වොත් කුඩු පැකට් එකක් දාල උබව අතුළට දානවා” යනුවෙන ඔහුට ඇඹිලිපිටිය පොලීසිය තර්ජනය කර නිදහස් කර ඇත. එසේම පොලිසීය විසින් ලියන ලඳ ප්‍රකාශයකට බලහත්කාරයෙන් පියසීලිගෙන් අත්සන්ගෙන ඇත.

එසේම ඇගේ නිවසේ තිබූ යතුරු පැදියක් සහ ත්‍රී රෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඉන්පසු ඔක්තෝබර් 1 වෙනිදා කමල් ගුණපාල යන අයව චෝදනා 5ක් මත අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය විසින් එළබෙන 12තෙක් බන්ධනාගාර ගත කිරීමටත් ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසත් නියෝග කර ඇත. පියසීලි කුමාරි ශරීර ඇපයක් මත නිදහස් කර ඇති අතර ඇය තම ස්වාමියා බැලීමට බන්ධනාගාරයට ගිය අවස්තාවේ දී තම ස්වාමියා පවසා ඇත්තේ පොලීස් නිළධාරින් කිහිප දෙනෙක් විසින් ඔහුගේ ඔලුවට පෙට්‍රොල් වක්කර ගිනි තැබීමට උත්සහ කර ඇති බවයි. ඒ හෙතුවෙන් කමල් ගුණපාල තමන්ගේ ඇස් නොපෙනෙන බවත් කන් ඇසීමේ දෝශයක් ඇති බවත් පියසීලි හට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස ඉල්ලා වින්දිතයින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්තානයේ නීතී ආධාර ඇතිව ජාතික පොලිස් කොමිශන් සභාව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා(ඌව පලාත භාර) ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා-මොනරාගල , සහකාර පොලිස් අධිකාරිතුමා- මොනරාගල,පොලිස් ස්ථානාධිපති- සෙවනගල, පොලිස් ස්ථානාධීපති-ඇඹිලිපිටිය යන අංශ වලට පැමිණිලි කර ඇත. එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද මෙම පැමිණිල්ල යවා ඇත.

 

 

Translate »
Scroll to Top