Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

බදුරලිය පොලිසය විසින් සිදුකල පහර දීම – 2020.10.05

පසුගිය ඔක්තොබර් 5 වන දින සුරන්ජිත් වික්‍රමනායක කරුණාරත්න යන අයට බදුරලිය පොලිසිය විසින් අමානුශික ලෙස පහර දී ඇත මෙලෙස පහර දීමට හේතුව ඉඩම් ආරවුලක් ලෙස දක්වා ඇත. ඔහුට සිදු වු අසාධාරණය අප වෙත පැවසුවේ මේ ආකාරයටයි.

    1. වන දින මා විසින් වගා කරන ලද මාගේ ගම වන බදුරලිය බටගොඩවිල පිහිටි ඉඩමෙි ඉදිකරන නිවසේ චන්දරසේන යන අය සමග වැඩ කරමින් සිටියා.

දහවල් 11.30ට 12 ට පමන බදුරලිය පොලිසියේ නිලධාරි දෙනෙක් රථවාහන අංශයේ යතුරු පැදියකින් මාගේ ඉඩම ලග පාරට පැමින සුරන්ජිත් මෙිවරෙන් කියා කථාකරමින් මාගේ මහගෙදර පැත්තට ගියා. නැවතත් සුරන්ජිත් උඔට ඇහෙන්නේ නැද්ද? යනුවෙන් උස් හඩින් කථා කලා. චන්දසේන බාසුන්නැහැ යන්න මල්ලි ගිහින් බලන්න යනුවෙන් කිවිවා. මම මහා ගෙදර පැත්තට ගියා. මම දැක්කා නංගියි අමිමායි එක්ක පොලිසියේ නිලධාරි කථා කරමින් සිටියා.

යතුරු පැදියේ පිටු පස ආ.. නිලධාරියා උඔට කවිද ගෙවල් හදන්න කිවිවෙි. මට කවිරුත් හදන්න එපා කිවිවෙි නැහැ. උඔට හදන්න එපා කිවිවා කියලා උඔ දන්නේම නැද්ද මට කවිරුත් කියලා නැහැ. මට දළු දාන්න තැනක් නැහැ මට ඉන්න ගෙයක් නැහැ මම ගාල්ලේ කුලිය ඉන්නේ එකයි මම ගේ හදන්නේ යනුවෙන් ප්‍රකාශ කලා.

එහෙම කොහොමද ……..කියා අපි එපා කිවිවාම එපා එහෙම කොහෙමද කියා පරුෂ වචනයෙන් බැන මාගේ කනට ගැවිවා. මම ගහන්න එපා මට ගහන්න අයිතියක් පොලිසියේ රාලහමිලාට නැහැ. මෙික ඉඩමි ප්‍රශ්නයක් කිවිවා එතකොට මට දිගටම දෙන්නාම ගැහුවා. අනිත් නිලධාරියා පයින් ගැහැවිවා. මාව බිම වැටුනා. එතකොට දෙන්නාම අතින් පයින් බිම දාගෙන ගැහුවා. මාගේ මුහුණට සපත්තු දැමු කකුල්වලින් ඇන්නා. මාගේ බෙල්ල පයින් පැගුවා. ගිනි අවිය හිසට තබා හෙලවෙන්න එපා කියා මරණ තර්ජනය කලා.== මාව උස්සලා අරගෙන බිම ඇන්නා. මම ගහන්න එපා එපා කියා කැගැහුවා.අමිමෙි බෙරගන්න කියා කැගැසුවා. එතකොට අමිමා ගහලා දවස් දහහතරකට යවලා හරි නවත්තන් කිවිවා.

  පහර දිමෙන් මට ක්ලන්තය වාගේ  වුනා මම විනාඩි දහයක් වාගේ හිටියා.  එවිට නැගිටපන් නැගිටපන් කියා  කැගැවිවා.  පොල්පිතක් අරගෙන මට නැවත පහර දිමට  සුදානමි වුනා. මම අමාරුවෙන් නැගිටිටා.යමං උඹ බයිසිකලය  ගනිං යමං කියා මාගේ යතුරු පැදියේ යතුර  සාක්කුවෙන්  බලාත්කාරයෙන් ගත්තා. බයිසිකලය අරගෙන යමං කියා මාව බයිසිකලයට නග්ගාගෙන බසුන්නැවත් නංවාගෙන අරගෙන ගියා. බසුන්නැව ගෙදර ලග බස්සලා මාව පොලිසියට අරගෙන ආවා.

මාව කුඩුවට දාලා කුඩුවෙි දොර ලග ඉදලා මාගේ කමිමුල් දෙකට අත්ද‍ෙකෙන් ගහගෙන ගහගෙන ගියා එසේ කලේ 61897 මධුරංග නැමති නිලධාරියා.මට දරා ගන්න බැරි වෙිදනාවක් දැනුනා. මාගේ ඇස් වලින් තරු විහිදුනා වාගේ දැනුනා. ඔලුව කරකැවෙන් ගත්තා. මම රෝහල් ගෙනියන් කියා කැගැවිවා. එතකොට එතනට පොලිසියේ නිලධාරි කිපදෙනෙක් ආවා . මට අමාරු බවත් රෝහලට ගෙනියන ලෙස ඒ අයට කිවිවා. පසුව රෝහලට ගෙනියන ලේඛනයක් පිරෙවිවා. මාගේ අත් දෙකට මාංචු දැමිමා. මම ස්ථානාධිපති හමුවන්න අවශ්‍ය බව කිවිවා. මාව ස්ථානාධිපති ලගට දැමිමා. මම ස්ථානාධිපති ට මට පොලිස් නිලධාරින් පහර දුන්න බව කිවිවා. එවිට මට ඔය ප්‍රශ්නය කරන්න බැහැ.මම ප්‍රදේශිය ලේකමිට දැමිමා. උඔලාගේ මහා මිනිස්සු තමයි වැරදියි. පොඩිඩ එහා මෙහෙ වෙන්න බැහැ 119 කෝල් කරනවා. අපිට කරන්න දෙයක් නැහැ.

මාව බදුරලිය රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරුන්ට පොලිසියෙන් ගැහුව බව කිවිවා. මාව රෝහලේ නතර කලා. අතට මාංචු දමා ඇදට සවි කලා. මට ගහපු මධුරංග නිලධාරියා ලග හිටියා. ඔහු මට වැසිකිලියටවත් යන්න දුන්නේ නැහැ. පැය අටක් යනතුරු එකම විදියට තිබිබා.

හැන් දැවෙි මාව බලන්න මාගේ ඥතින්වන වින්සන් නිශාන්ත හා චන්දසේන බාසුන්නැහැ ආවා. මට වැසිකිලිය යන්න ඔිනා වුනා. වෛද්‍යවරයාට කතා කරලා තමයි යන්න අවස්ථාව ලබා ගත්තේ.රාත්‍රි 8.30 වන විට මධුරංග නැමති නිලධාරියා ගියා වෙනත් නිලධාරියෙක් ආවා. ඒ නිලධාරියා මට කිසිදු හිරිහැරයක් කලේ නැහැ.

පසු දින එනමි 2020.10.06 වන දින පොලිස් පහර දිම මත අමාරු නිසා මාව කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවිවා.එහි 3වාටිටුවට ඇතුලත් කලා. එදින සවස වැඩ බලන මාහේත්‍රාත් වරිය පැමින මාගෙන් තියෙන අමාරු ගැන විමසුවා. මම පොලිසියෙන් පහර දුන්න බවත් ඇස තොල් දෙක කට ඇතුල තුවාලවි ඇති බවත් හිස කකුල් තුවාල වි ඇති බව පෙන්වා සිවියා. පැමිනි පොලිස් නිලධාරියා සිද්දිය ගැන විමසා ඒ ගැන වෙනම රාජ කාරියක් වෙයි කිවිවා. මාව 2020. 10. 16 දක්වා රක්ෂිත බන්ධානාගර ගත කලා. නමුත් මට තියෙන චෝදනව මම දැන සිටියේ නැත.

මාව එදා සවස සිට බන්ධනාගාර නිලධාරින් මාගේ ආරක්ෂාවට යොදවා සිටියා. මාගේ මුහුනට ගහලා මාගේ කට ඇතුල තුවාල විම මත කැම කන්න බැරි වුනා.මාව බිම දමා බෙල්ල පැගිම මත මටකෙලවත් ගිලින්න බැරි වුනා. දකුණු ඇස පෙනිම දුර්වල වුනා.මාව බෙල්ල කන නාසය ඇස සායනවලට යොමු කලා.මාගෙන් රෝහල් පොලිසිය ප්‍රකාශයක් ගත්තා. අධිකරන වෛද්‍යවරයා පරික්ෂා කර බැලුවා දින ‍ 2020.10.09. රෝහලින් නිදහස් කලා.

එදා කළුතර බන්ධනාගාරය වෙත රුගෙන ගියා . මාව බන්ධනාගාර රෝහලට ඇතුලත් කලා 2020.10 09 වන දින සිට2020 10 16 දින දක්වා බන්ධනාගාර රෝහලේ සිටියා. එහිදි රෝලෙන් ලබාදුන්න බෙහෙත් බොන්න දුන්නා. ඇසට බෙහෙත් දැමිමා. 2020.10.16 වන මතුගම මාහේත්‍රා ත් අධිකරනයට ඉදිරිපත් කලා මට විරුද්ධව බි. ආර්.2154/20 අංකය යටතේ රාජකාරියට බාධා කලබවට ව්‍යජ නඩුවක් දමා තිබුනා..මා වෙනුවෙන් නිතිඥ නල්ලපෙරුම මහතා ඉදිරිපත්වි මාහට පොලිසියෙන් පහර දි ඇති බවට කරුනු දැක්විය.ඒඅනුව මහේත්‍රාවරයා ඒ සමිබන්දව මාගෙන් විමසා සිටියා. පොලිසියේ පහරදිම හා තුවාල මම පෙන්වා සිටියා. පොලිසියට අධිකරන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කලා. නැවත නඩුව 2021 .01.22 දිනට කල් තැබිය. එදිනම මා මාගේ යතුරු පැදිය ලබා ගැනිමට බදුරලිය පොලිසියට ගියා. යතුරු පැදියේ තිබු මුදල් පසුමිබියේ තිබු රුපියල් දහ අට දහස් පන්සියක මුදල හා මාගේ රන් මුද්ද පොලිසිය අරගෙන තිබුනි.මම මෙි සමිබන්ධව ස්ථානාධිපතිට දැනුමි දි පැමිනිලක් කළා. සහකාර පොලිස් අධිකාරිටත් පැමිනිලක් කරන ලදි

ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහුට සිදු වූ මේ අසාධාරනකම් පිලිබඳව ඔහුගේ බිරිද අදාල ආයතන වලට පැමිණිලි යොමු කර ඇති බවයි. එමෙන්ම ඔහු අබාධිතයෙක් බවත්, වසර 15ක් පුරා ඔහු මෙම ඉඩමේ වගා කටයුතු කරන අතර ඔහුගේ සහෝදරිය විසින් මෙම ඉඩම ලබා ගැනිම සඳහා ප්‍රාදේශීය සභාවේ කාර්‍යයේ නියුතු අයෙකු විසින් පොලිසිය ලවා ඔහුට මෙම අසාධාරනය සිදු කල බවයි.

Translate »
Scroll to Top