Right To Life Human Rights Center

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර

2020 සැප්තැම්බර් 8 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අනුරාධපුරදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා සහ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා පුහුණු වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස සම්බන්ධ විය. මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය, පොලීසියේ බලතල, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුලු ස්වාධීන කොමිෂන් සභා, ලිඛිත පැමිණිලි සහ දිවුරුම් ප්‍රකාශ සකස් කරන ආකාරය පිළිබඳව පුහුණු වැඩසටහනට පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

Scroll to Top