Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී.

තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින් මිදෙල්ලවල විහාරස්ථානයේ කඨින පිංකම සඳහා කාවඩි නර්ථනයට අවශ්‍ය මොණර පිහාටු එකතු කර ගැනීමට යන අවස්ථාවේ තවත් ත්‍රී රෝද රථයක් පැමිණ මොවුන් ගිය රථය හරස් කොට නවතා ඇති අතර පසුව සිවිල් ඇඳුමෙන් සහ නිල ඇදුමෙන් සැරසී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු හංසක දේශාන් සහ ඔහුගේ යහළුවන් අසලට විත් ” උඹලා චණ්ඩිද? ” අසා හංසකගේ හිසට කන අසලට පිස්තෝලය එල්ල කර වෙඩි තබා ඇත. එවිට ඔහු සිහසුන්ව ඇඳ වැටී ඇති අතර පොලිස් නිළධාරීන් පලා ගොස් ඇත. මෙම අවස්තාවේ පොලිස් නිළධාරීන් බීමත්ව සිටි බව හංසකගේ මිතුරන් පවසයි.

පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කෙරූ හංසක දේශාන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනි. එසේම ඔහුගේ ජීවිතය රැක ගැනීම සඳහා ශල්‍යකර්ම 04ක් සිඳු කිරීමට වෛද්‍යවරුන්ට සීඳු විය.

කෙසේවෙතත් වෙඩි පහර එල්ල කෙරූ පොලිස් නිළධාරියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉඳිරිපත් කෙරුණි. මීට අදාල නඩුව දෙසැම්බර් මස 16 වන දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැදවුණි. එම අවස්ථාවේ දී එම නඩුව සඳහා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානයේ ( Right to Life Human Rights Centre ) නීති ආධාර යටතේ නීතීඥ ලක්ෂාන් ප්‍රන්නාන්දු මහතා පෙනී සිටින ලඳ අතර ඒ මහතා මෙහි අඟතියට පත අය වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් නඩු ගොනුවෙහි සටහන් කිරීමට අවශ්‍යතාවය පවතින බවට ගරු මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා සිටි අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුවේ ස්වභාවය අනුව එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට දන්වන ලඳි. ඒ අනුව මෙම නඩුව රිමාන්ඩ් දීර්ඝය සඳහා නැවත කැඳවීම දෙසැම්බර් මස 27 වන දින සහ නඩුව විවෘත අධිකරණයේ කැඳවීම 2023 පෙබරවාරි මස 24 වන දිනටත් නියම කරන ලදි.

Translate »
Scroll to Top