Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

”2022” ආපසු හැරී බැලීම

 

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අධ්‍යයන මාලාවන් සිදු කර ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් ආශ්‍රය කරගෙන සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටළු අධ්‍යයන කිරීමේ සහ සිදු නොවිය යුතු දේ හඳුනාගෙන ඒ සම්බන්ධව නිර්දේශ ලබා දීමේ අරමුණිනි.

එහිදි ප්‍රධාන සිද්ධි අධ්‍යයන තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. 2022 අප්‍රේල් 19 දී රඹුක්කන දී සිදු වූ පොලිස් වෙඩි තැබීම හා සම්බන්ධ සිදුවීම්, 2022 මැයි 09 දින ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාය–ාලය අසල විරෝධතා ස්ථානයට එල්ලකරන ලද ප්‍රහාරය සහ එයට පලිගැනීම් වශයෙන් එදිනම ආරම්භ වූ සෙසු සිදුවීම් ය.

දෙසැම්බර් 30 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානය විසින් අප්‍රේල් 19 රඹුක්කන ප්‍රචණ්ඩත්වය, මැයි 09 පළිගැනීමේ ප්‍රහාරය හා ගෝල්ෆේස් අරගලය සම්බන්ධව සැකසුනු වාර්තාමය චිත්‍රපටය එළි දක්වන ලඳි. එම ග්‍රන්ථයන් රයිට් ටු ලයිෆ් වෙබ් පිටුව ඔස්සෙ බාගත කළ හැක.

Translate »
Scroll to Top