Right To Life Human Rights Center

13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

ඉකුත් 24 වන බ්‍රහස්පතින්දා අපගේ 13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මාතර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරුණි.මෙම මධ්‍යස්ථානය සදහා පූර්ණ අනුග්‍රහය යූරෝපා සංගමය විසින් දරන අතර රයිට් ටු ලයිෆ් ප්‍රධාන මධ්‍යස්ථානය එහි කටයුතු සංවිධානය කරයි.

මානව හිමිකම් ක්‍රියාධාරිනී නිලිමිණී රණසේකර මහත්මිය මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇති අතර ඇය මෙම ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. අපගේ ප්‍රධාන මධ්‍යස්ථානය වන රයි ටු ලයිෆ් සංවිධනයෙන් විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා,විනෝද් ඇන්තනී මහතා හා නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා සහභාගි විය. තවද ගල්ල හා හම්බන්තොට ශඛා වල සම්බන්ධීකාරකවරුන්ද සහභාගි විය.                                 

මෙම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සදහා ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබා දී එම ක්‍රියාධරයින් පුහුණු කෙරූ අතර ඔවුන් සියලුදෙනාම මෙම සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

Scroll to Top