Right To Life Human Rights Center

ආන්තිකරණයට ලක්වූ ආබාධිත තැනැත්තන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාඇල දී

කොරෝනා වසංගත තත්වය හමුවේ රජය විසින් ලබා දෙන ආධාර ලබා ගැනීමට අනුගමනය කළ යුතු පියවරයන් පිළිබඳව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පවතින රජයේ යාන්ත්‍රණ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික්කයේ ආන්තිකරණයට ලක්වූ ආබාධිත තැනැත්තන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූනි 13 වන දින ජාඇල දී පැවැත්වුනි. ජාඇල පොලිස් ස්ථානයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය යටතේ මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන සදහා ආබාධිත පුද්ගලයන් 50 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබුණි. ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙම වැඩසටහන සංවිධානය කොට තිබූ අතර ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම දැනුවත් කිරීම් සිදු කෙරුණි.

Scroll to Top