Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

HRC විසින් නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2022 ජූනි 30 වැනිදින නිකුත් කරන ලද “සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද අසත්‍ය මාධ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙළාදකියි” යන මැයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව දැඩි ලෙස කනස්සල්ලට පත්වසිටී.

2022 මැයි 9 වැනි දින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් යොදාගත් බවට සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවස්වකීය විමර්ශනය අවසන් කරමින් මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ආරක්ෂාවට,සුරක්ෂිතතාවට මෙන්ම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හානිකර බොහෝ ප්‍රකාශ සහ චෝදනා ඉදිරිපත් කරනු ලබයි.
විශේෂයෙන්ම, පෙරේරා මහතාගේ ප්‍රකාශය ‘දිවයින පුරා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අයිතිවාසිකම් කඩවීම් මාලාවට සෘජුවම දායකවූ’ බව කොමිසම විසින් ප්‍රකාශ කරනු ලබයි. මෙසේ සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විමතියට පත්ව ඇති අතර, එය සාක්ෂි මත පදනම් නොවන බැවින් වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස සලකන අතර එමගින් රටපුරා ඇති වූ ප්‍රචණ්ඩත්වයේ වගකීම වැරදි ලෙස පෙරේරා මහතා මත පටවනු ලැබීමට උත්සාහ කරන බව පෙන්වාදෙනු ලැබේ. විසම්මුතිය මැඬලීමට සහ ආණ්ඩුවට අභියෝග කරන ක්‍රියාකාරීන් ඉලක්කකර ගැනීමට ආණ්ඩුව විසින් නීතිය මෙවලමක් කරගනිමින් සිටින මොහොතක, පෙරේරා මහතාගේ පමණක් නොව, පොදුවේ මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ ක්‍රියාකාරකම් යටපත් කිරීමට මෙවැනි චෝදනාවක් ආණ්ඩුවට යොදාගත හැකිය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැඬලීමට රජය දරන උත්සාහයන් කොමිෂන් සභාව මගින් සක්‍රීය කිරීමට දායකවීම සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව වික්ෂිප්තභාවයට පත්ව ඇත.

සම්පූර්ණ නිවේදනය මෙතනින් කියවන්න

Translate »
Scroll to Top