Right To Life Human Rights Center

කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කන්තලේදී

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 03 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් කන්තලේ විදාතා මධ්‍යස්ථානයේදී පැවැත්වුනි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් 30කට ආසන්න පිරිසක් සහභාගි වී තිබුණි.

Scroll to Top