Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.!

කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අපොස උසස්පෙල විභාගයට ඉදිරිපත් වීම‌ට නොහැකි වීම පිළිබද පුවතක් අයිතිය වෙත වාර්තා වේ.

පොල්ගොල්ල සාස්ත්‍රාචින්ද්‍ර පිරිවෙන් විද්‍යාතනයේ අ.පො.ස උසස් පෙළ හදාරමින් සිටි මෙම සිසුවා පසුගිය ඔක්තෝබර් 10 වන දින තම නිවසේ සිට මිතුරෙකුගේ නිවසට යන අතර තුරදී සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසක් විසින් ඔහු හදිසියේම නවතා පහරදී ගංජා ඉල්ලා තිබේ.

නිවසට මීටර් 500ක පමණ දුරින් සිදු වූ මේ සිදුවීම පිළිබදව ආරංචි වී මෙම සිසුවාගේ ඥාතීන් ඒම ස්ථානයට ගොස් විමසීමේ දී පවසා ඇත්තේ තමුන් ගොකරැල්ල පොලීසියෙන් බවත්, ගංජා කෑල්ලක් තිබු නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත්ය. ඥාතීන් ඒය පිළිනොගනමින් ඒසේ අත්අඩංගුවට ගත් ගංජා පෙන්වන ලෙස අදාල නිලධාරීන්ගේ ඉල්ලා සිටියත් කිසිවක් ඉදිරිපත් නොකරමින් ඔහුගේ දෑතට මාංචු දමා ගෙනයාමට උත්සාහ කිරීම නිසා පැමිණ සිටි ඥාතීන් ඊට විරැද්ධ වී තිබේ.

ඒහි දී ගොකරැල් පොලීසියේ පොලීස් පරීක්ෂක රත්නායක නැමති නිළධාරියා පිස්තෝලයක් ගෙන වෙඩි තබන බවට තර්ජනය කළ ඇති අතර වික්‍රමසිංහ නැමති නිළධාරියා උල් පිහියක් ගෙන ඒම ස්ථානයේ සිටි පිරිස් වෙත තර්ජනය කර තිබේ. මෙම අවස්ථාව වීඩියෝගත වී ඇති අතර, ඒමගින් මෙම නිළධාරීන්ගෙ නීති විරෝධී හැසිරීම මනාව අනාවරණය වේ.

පසු දින මෙම සිසුවා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ගංජා නොව, හෙරෝයින් ලග තබා ගැනීමේ චෝදනාවන් යටතේය. ඒපමණක් නොව හෙරොයින් මිලිග්‍රෑම් 2280ක් ළග තබා ගැනීම, එය යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ පොලිස් නිලධාරියෙකු වෙත සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාත් ඔහුට එල්ල කර තිබේ. මෙම අසත්‍ය චෝදනා හේතුවෙන් ඇප ලබා ගැනීමට නොහැකිව මාස 4කට වැඩි කාලයක් මෙම සිසුවා කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

දෙසැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය ලිවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී හා කෑගල්ල බන්ධනාගාර අධිකාරීගෙන් අවස්ථා ගනනාවක දී මෙම සිසුවාගේ ඥාතීන් විසින් ඉල්ලීම් කර ඇතත් ඊට අස්ථාව ලැබී නොමැත.

මේ සම්බන්ධව සිසුවාගේ ඥාතීන් සිදු කළ පැමිණිල්ලක් අනුව ජාතික පොලිස් කොමිසම පරීක්ෂණයක් සිදු කර තිබෙන අතර, මෙම සිසුවා අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒම් විජේබණ්ඩාර රත්නායක ඇතුලු නිළධාරීන්ට ඒරෙහිව කොමිසම වීසින් විනය චෝදනා ඉදිරිපත් කර තිබේ.

ඒමගින්, වැටලීම් විනිවිද භාවයකින් තොරව සිදු කිරීම, අත්අඩංගුවට පත් සිසුවා‌ගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් වන උසස්පෙළ විභාගයට පෙනී සිටීමට තිබෙන අවස්ථාව අහිමි කරමින්, අපකිර්තිදායක හා අවිනීත හා පීඩාකාරී ලෙස හැසිරී ඇති බවට මෙම නිළධාරීන්ට චෝදනා ඒල්ල කොට තිබේ.

උපුටා ගැනීම – https://www.aithiya.lk/

Translate »
Scroll to Top