Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දී.

අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයින් වෙනුවෙන් මානව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 21 වන දින අනුරාධපුරදී පවත්වන  ලදි . නියමිත සෞඛ්‍ය පියවරයන් අනුගමනය කරමින් සිදු කළ මෙම වැඩසටහන සදහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා , මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර  දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකාරකතුමිය , රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා ඇතුළුව ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි විය .
මෙහිදී කොවිඩ් 19 වසංගත තත්වය සමග ජීවත් වන්නේ කෙසේද , කොවිඩ් වසංගතය හමුවේ රට තුළ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න සහ මානව හිමිකම් යාන්ත්‍රණ කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම යන ක්ෂේත්‍ර පිළිබඳව කතිකාවතක් සිදුවිණි .
යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ සිදුකෙරුනු මෙම වැඩසටහන ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ පැවැත්වුනි .

Translate »
Scroll to Top