Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

අමතක නොකරමු

 

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, ” අමතක නොකරමු” යන්න තේමාව කරගනිමින්  ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය මහතා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර මහතා, සන්ඩේ ලීඩර් පුවත්පතෙහි හිටපු සභාපති ලාල් වික්‍රමතුංග මහතා, මාධ්‍යවේදී නිර්මලා අල්විස් මිය, සන්ධ්‍යා එක්නැළිගොඩ මිය සහ වීරකේසරී පුවත්පතෙහි හිටපු කතෘ වඩිවෙල් දේවරාජ් මහතා අදහස් දැක්වීමට එකතු විය.

මෙහි දී කරූ ජයසූරිය මහතා පවසා සිටියේ ජාතික සමගිය ඇති කිරීමට මාධ්‍යට විශාල වගකීමත් ඇති බවයි. එසේම මේ රටේ ජනතාව සහ අනාගත පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා ද මාධ්‍ය කටයුතු කළ යුතු බව එතුමා සඳහන් කළේය. එසේම මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ජාතික යුතුකමක් ඉටු කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

එසේම ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා සහ හිටපු සන්ඩේ ලීඩර් සභාපති ලාල් වික්‍රමතුංග පවසා සිටියේ වර්තමානය වන විට ජනතාව මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය ඉතා පහළ මට්ටමක ඇති බවයි. එසේම රට සංවර්ධනය කරා ගෙන යාමට ගොඩනැගිලි සෑදීම පමනක් නොව වැරදිකරුවන්ට නිසි අයුරින් නීතිය ක්‍රියාතමක  කිරීම පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top