Right To Life Human Rights Center

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණි.

ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා සත්කුලනාදන්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සහ රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක යන අය ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය.

එහි දී වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ගොඩනැගුණු සාමකාමී මහජන විරෝධතා මැඩපැවැත්වීමට රජය විසින් සිඳු කෙරූ අනීතික මර්ධන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර මීට මාස කිහිපයකට ඉහත දී ඉන්ධන ඉල්ලා හඬ නැගූ රඹුක්කන ජනතාවට පොලීසිය විසින් එල්ල කළ නින්දිත වෙඩි ප්‍රහාරය සහ එම සිද්දියේ වර්තමානය තත්වය පිළිබඳ ලියැවුනු වාර්තාවක් ද එළි දක්වන ලඳි.

රඹුක්කන වෙඩි තැබිමට හේතු වූ කාරණය, එහි දී පොලීසිය කටයුතු කළ ආකාරය, මානව හිමිකම් කොමිසම සහ පාර්ලිමේන්තුව ඊට දැක්වූ ප්‍රතිචාර, සහ අදාල පොලිස් නිළදාරීන්ට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය එම වාර්තාවේ ඇතුලත් ය.

Scroll to Top