ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .

 - September 25th, 2021 - 


මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා  ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා පවසයි.‍

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට එක් වූ වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා ප්‍රකාශ කළේ,

” ලංකාවේ දරිද්‍රතාවය දිගු කලක් තිස්සේ පවතින්නක්. පොලී මුදලාලිලා, සමුපකාර ණය දෙන සමිති සණස, ග්‍රාමීය බැංකු වැනි ග්‍රාමීය ණය සම්බන්ධයෙන් පුළුල් පරාසයක පදනමක් අපේ රටේ තියෙනවා.

රටක් විදිහට අපි අඩු මැදි ආදායම් ලබන රටක්. කලින් තිබුනාට වඩා යම් ප්‍රමාණයකට නමුත් ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඉහලට ඇවිල්ලා තියෙනවා. නමුත් ආදායම් විෂමතාව ඉතාම වැඩියි.” යනුවෙනි.

ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ වාණිජකරණය පිළිබඳව ද එතුමා අදහස් දැක්වීය.

“ග්‍රාමීය අංශය වෙත ණය ලබා දීම පුද්ගලික අංශයේ ආයතන ඇතුළත් වීම සමග මෑත කාලයේ යම් යම් ක්‍රියාකාරිත්වයන් නිසා වාණිජකරණයට ලක් වුණා. මෙය නරක දෙයක් නොවේ. නමුත් බංග්ලාදේශය වැනි රටක මොහොමඩ් යූනුස් ආරම්භ කළ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය ග්‍රාමීයව අඩු වරප්‍රසාදිත ජනයාට සේවා සපයනවා. ඔවුන් වෙත ණය දීමට අමතරව ග්‍රාමීය ජනතාව නගා සිටුවීමට වෙනත් වැඩසටහන් ද තියෙනවා.”

එසේම වර් තමානයේ රටේ පවතින ආර් ථික  අර්බුදකාරී තත්ත්වය නිසා ජනතාවට විවිධ ගැටලු සහ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

“රටේ ආර් ථිකය  සලකන විට වර් ෂ  දෙකක පමණයි අයවැය හිඟයක් නොතිබුණේ. නිදහසේ සිට අනෙක් අවස්ථා සියල්ලේම ආදායමට වඩා වියදම වැඩියි.මේ වියදම් පියවන්න අපි ණය ලබා ගත්තා. දීර් ඝ  කාලයක් මේ අයුරින් ණය ගැනීම නිසා ඒ ණය ගෙවීමට තවත් ණය ලබා ගන්නට සිදු වෙලා තියෙනවා.

ඒකෙන් ගොඩ එන්න කුමක් කළ යුතුද? කියන ප්‍රශ්නය ඉතාම බරපතළයි. රටක් වශයෙන් අයවැය හිඟය අවම කරන්නට පසුගිය රජය විවිධ පියවර ගත්තා. නමුත් වර් තමාන  රජය පැමිණි පසු ඒ ප්‍රතිපත්ති වෙනස් වුණා.

අපේ රටේ රජයේ ආදායමෙන් 80% පමණ වක්‍ර බදු. සිංගප්පූරුව ඉන්දියාව වැනි රටවල සෘජු බදු වැඩිපුර අයකරනවා. සෘජු බදු වක්‍ර බදු අතර අපේ රටේ මෙන් අති විශාල පරතරයක් නැහැ. මේ ආර් ථික  ගැටලු නිසා ජනතාවට බොහෝ අපහසුකම් ඇති වෙලා තියෙනවා.”

“අපේ රටේ සැලකුවහොත් ආර් ථිකයේ  සංකේන්ද්‍රණය වෙලා තියෙන්නෙ කොළඹ ආශ්‍රිතව. ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ආර් ථිකය  නංවාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබාගනිමින්. ලැබෙන ආදායම් අනුව ණය දීම් ක්‍රමයක් ඔවුන්ගේ නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පැමිණිලා ඉන්නේ ඒ නිසා. ඒ අයගේ පැමිණීමෙන් ග්‍රාමීය ආර් ථිකයට  යම් සහනයක් ලැබිය යුතුයි.

නමුත් එයට වෙනස් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එයට හේතුව පවතින කොවිඩ් තත්ත්වය සහ එයටත් වඩා මේ ජනතාවගේ අන්ත දරිද්‍රතාවය. අනෙක් අතට මේ අයගේ ආකල්පය ව්‍යාපාර කරන්නකු අධික ලාභ ලබන අයෙකු ලෙසයි සලකන්නේ. ව්‍යාපාර කටයුතුවලට අනෙක් වෘත්තීන්ට තරම් පිළිගැනීමක් නැහැ.”

මෙවැනි තත්ත්වයක් තුළ ක්ෂුද්‍ර මූල්‍ය අර් බුදයට  විසඳුමක් වශයෙන් ඔහු යෝජනා කළේ මෙවැන්නකි.

“ක්ෂුද්‍ර මූල්‍ය පරිභෝජනය සඳහා ණය ලබා ගන්නවා නම් ඒ අයගේ ආදායම වැඩි කරගන්න රජය උපකාර කළ යුතුයි. ව්‍යාපාර සඳහා ගත් ණය ගෙවීමට නොහැකි නම් එහිදී රජය මැදිහත්වෙලා සහන සැලසිය යුතු වෙනවා. එය ඉටු නොවනවා නම් ජනතාව සියලු දෙනා සාමූහිකව එකඟවෙලා ණය නොගෙවන ස්ථාවරයකට පැමිණිය යුතුයි. ණය ගෙවිය හැකි ආකාරය, ඒ පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කරමින් මේ කාලය තුළ ණය ගෙවන්නේ නැහැ කියන එකඟතාවයකට යා හැකියි. නමුත් එය තරමක් බැරෑරුම් යෝජනාවක්.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ” කොවිඩ් වසංගතය පරදවන ක්ෂුද්‍ර මූල්‍ය ණය වසංගතය” යන මැයෙන් අයිතිය මාධ්‍ය කවය සූම් ඔස්සේ සංවිධානය කර තිබු සංවිදයේදීය .

එහිදී නිදහස් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය වෙනුවෙන් නිරෝෂා ගුරුගේ, ආචාර් ය  උපාධි අපේක්ෂිකාවක වන නේදා ද සිල්වා සහ පර් යේෂිකා අමාලි වෙදගෙදර යන පිරිස් අදහස් දැක්වීමට එක් වී සිටියහ.

යශෝධරා

Advertisement

Videos

Featured Video Play Icon

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Featured Video Play Icon

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Facebook Page