තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා

 - September 29th, 2021 - 

තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවට යැයි තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස් .ජී පුංචිහේවා මහතා පවසයි.

ඔවුන්ට අයත් එම තොරතුරු ලබා දීම නිළධාරීන් ගේ වගකීමක් වෙන බව තොරතුරු ලබාදීමේ විශ්වීය දිනය වූ සැප්තැම්බර් මස 28 වැනි දින පැවති තොරතුරු පණත පිළිබද සංවාද  හමුවකදී ඒ් මහතා මේ බව පැවසීය.

‘ අයිතීන් උදෙසා මාධ්‍ය වේදියෝ’ සංවිධනය විසින් ඊයේ (28 දින)  සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන ලද සාංවාදය පවත්වන දි.

මෙහිදි අදහස් දැක් වු නීතිඥ එස්.ජී. පුංචි හේවා මහතා මෙසේද පැවසුවේය.

තොරතුරු පනත ක්‍රියාත්ම කිරීම සදහා අවුරුදු 10ක් පමණ පොදු ජනතවට වගේම සිවිල් සංවිධාන වලට අරගල කරන්න සිදු වුණා. සමහර කාලවලදී බලයේ සිටි ආණ්ඩු තොරතුරු පනත බලාත්මක කිරීම සදහා ඉඩ ලබා දුන්නේ නෑ. තොරතුරු පණත ගෙනාපු කාලයේ බලයේ සිටි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇමතිතුමා වගේම නියෝජ්‍ය අමාත්‍ය කරණාරත්න පරණවිතාන මහතාත් විශාල උත්සාහයක් ගත්තා තොරතුරු කොමිසම පිහිටුවන්න.

මෙම කොමිසම බලාත්මක කිරීමේ සඳහා සිවිල් සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන්නා . විශේෂයෙන්ම  තොරතුරු කොමිසම ගැන ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා සිවිල් සංවිධාන විශාල ලෙස දායක වුණා. තොරතුරු කොමිසම පිහිටුවීමෙන් පසුව  කොමිසමට විශාල ලෙස බාධා පැමිණුනා. මේසයක් පුටුවක්වත් නැතිව තමයි  තොරතුරු කොමිසම් පටන් ගත්තේ.  මාස ගණනාවක් තිස්සේ තොරතුරු කොමිසම ක්‍රියාකාරී තත්වයට පත්කර ගැනීම් සඳහා  අපට වෙහෙස වෙන්න සිදු වුණා.  කොහොම නමුත්  තොරතුරු පනත ක්‍රියාත්මක වුණාට පස්සේ රාජ්‍ය ආයතන බොහොමයක් තොරතුරු  ලබාදෙන්න පෙළඹුණා. තොරතුරු නොදුන්නේ  සියයට පහක   පමණ  සුළු ප්‍රමාණයක්. තොරතුරු නොදුන්නොත් කොමිෂමට පැමිණෙන්න ප්‍රතිපාදන තිබෙනවා පනතේ ම  .

මුලින්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින්  කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිවරයා ගේ වැටුප් පිළිබඳ තොරතුරු නොදීම පිළිබඳව. එම තොරතුරු ලබා දිය යුතු යැයි කොමිසම තීරණය කරනු ලැබුවා.

නමුත් එම තොර තොරතුරු ලබා  දීමට මැදිහත් වීමේ දී කොමිසම්ට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවුණා. කොමිසම පිහිටුවන විට මේ රටේ තිබුණේ අධිරාජ්‍යවාදී කාලයේ සිට පැවති  නීති රීති . තොරතුරු පනත ඒමට ප්‍රථම නීතිය තිබුණේ තොරතුරු නොදීමටයි.  නමුත් මෙම පනතට පස්සේ එම නීතිය තොර තොරතුරු දීමට නීතියක් බවට පත් වුණා. නමුත් සමහර නිලධාරීන් පරණ පුරුද්ද නිසා  තොරතුරු නොදී ඉන්න යම් යම් තර්ක ඉදිරිපත්  කළා.

තොරතුරු පනතේ සඳහන් වන්නේ පුරවැසියාට තොරතුරු ලබා දෙන්න කියා. නමුත්  පුරවැසියා කියන්නේ කවුද කියා  තර් ක  විතර් ක ඇති වුණා. මේ සඳහා මාස ගණන් ගියා. තොරතුරු පනත ක්‍රියාත්මක වුවත් මේ රටේ නීති ක්‍රියාත්මක වුණේ  තොරතුරු නොදී  සිටීම සඳහා. එසේ තොර තොරතුරු නොදී සිටින අවස්ථාවලදී ක්‍රියා කරන්නේ කොහොමද කියා පනතේ සඳහන් වෙනවා.  අන් කිසිම පනතකට යටත් නොවෙන තත්වයක්  තොරතුරු පනත තුළ ක්‍රියාත්මක වෙන බවට නීතියක් තිබෙනවා. ඒ නිසා තමයි යම් යම් තොරතුරු දීමට අදාළ  ආයතන වලට සිදු වුණේ.

පසුගිය කාලයේ  යුද්ධ හමුදාවෙන් නිලධාරිනියකට යුදහමුදාව විසින් යම් කාරණයක් සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවා. එහිදී ඇය පරාජයට පත්  වුණා. පසුව ඇය නඩු වාර් තව  ඉල්ලා සිටියා. නමුත් හමුදාව කිව්වා යුධ හමුදා නීතිය අනුව ඇයට නඩු වාර් තාව  දෙන්න බෑ කියා.  ඇයට එම වාර් තාව   ලබා දීමට අපට හැකියාව ලැබුණා. රටේ පවතින  තොරතුරු ලබා නොදීමට ඇති සෑම නීතියකටම   වඩා තොරතුරු පනත වඩාත් බලාත්මක බව පෙන්වා දීමෙන් අනතුරුව අපට එම තොරතුරු ලබා ගැනීමට හැකි වුණා.

තොරතුරු පනතේ වඩා යහපත් වගන්තියක් තිබෙනවා. ඒ මහජන යහපත සලකා තොරතුරු ලබාදිය යුතු වන වගන්තියයි. එහෙත් සමහරු තර් ක කරනවා. මහජන යහපත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා. සමහර ඉල්ලීම් ඉදිරිපත් කළ විට  නිලධාරීන් කියනවා එම තොරතුරු ඉල්ලන්නේ මහජන යහපත් සඳහා නොවේ කියා. නමුත් සමහර ඉල්ලීම්  වලින්ම තේරුම් යනවා එම තොරතුරු ඉල්ලන්නේ මහජන යහපත සඳහාම කියා.  පුද්ගලයන්ගේ තොරතුරු ඉල්ලන කොට මෙම තර් කය  ගොඩ නැගෙනවා. මහජන යහපත සඳහා තොරතුරු ඉල්ලීම් පිළිබඳව වඩාත් හොඳ විග්‍රහයක් ඉදිරියේ දී පනතට ඇතුළත් විය යුතුයි.

සමහරුන් තොරතුරු තමන්ගේ  ළඟ තියාගෙන එම තොරතුරු නැති බවට ප්‍රකාශ කරනවා. තොරතුරු පනතේ 3 වැනි වගන්තිය අනුව තොරතුරු සන්තකයේ නැත්නම් එම තොරතුරු නොදී සිටීමට හේතුවක් වෙනවා. රජයේ ආයතන වල තොර තොරතුරු විනාශ කිරීම් සඳහා යම්කිසි කාල පරිච්ඡේදයක් තිබෙනවා. නමුත් සමහර ආයතන එම කාලපරිච්ඡේදය ට පෙර එම තොරතුරු විනාශ  කළ බවට තොරතුරු කොමිසමට දැනුම් දුන්  අවස්ථා තිබෙනවා. කුමාරසිරි ට එදිරිව මහානාම විද්‍යාලය සම්බන්ධයෙන්  ඇතිවූ ගැටලුවේදී එහෙම තත්වයක් පැන නැගුණා. එම විද්‍යාලයට ළමයෙකු ඇතුළත් කර  නොගැනීමට පිළිබදව අදාල ලියකියවිලි තොරතුරු පනත යටතේ ඉල්ලා තිබුණා. එම විද්‍යාලයෙන් එම තොරතුරු නැති බව ප්‍රකාශ කිරීමත් සමග තොරතුරු කොමිෂමට මෙම පැමිණිල්ල ලැබුණා. එම විද්‍යාලය මගින් තොරතුරු කොමිසමට පැවසුවේ එම තොරතුරු විනාශ කොට ඇති බවයි. තොරතුරු විනාශ කළේ කෙසේදැයි කොමිසම ප්‍රශ්න කර සිටියා. අවසානයේදී ප්‍රශ්න ගත ළමයා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමට ඔවුන්ට සිදු වුණා.

ඔය ආකාරයෙන් සමහර නිලධාරින් කිසිම වග විභාගයක් නැතිව තොරතුරු නොදී  කාලය ගත කරන්න පුරුදු වී සිටිනවා. එහෙම අවස්ථාවන් 50ක් පමණ පසුගිය කාලේ දකින්නට ලැබුණා. අපි එම ආයතන වල අදාල නිලධාරීන් කැඳවා තොරතුරු  නොදුන්නාම වෙන දේ පිළිබඳව පැහැදිලි කර දුන්නා. තොරතුරු නොදීම පිළිබදව  නිලධාරීන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම්ට හැකි බව පෙන්වා දුන්නා.  එම කරුණු දැක්වීමෙන් අනතුරුව  පනහක් පමණ වූ නිලධාරීන් අතුරෙන් හතළිස් පස් දෙනකු පමණ මහන්සි වී එම කරුණු සොයා ගෙන එම තොරතුරු  ලබා දෙන්න පෙළඹුණා .

මෙම තත්ත්වය වර් ධනය  කර ගැනීම සඳහා කොමිසමට  තව දුරටත් කටයුතු කරන්න සිදුවෙනවා.   මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමේදී යම් යම් සීමාවන් තොරතුරු පනතට තිබෙනවා. යම් යම් කරුණු සම්බන්ධයෙන්  වඩාත් නිරවුල්  අර් ථ  නිරූපණය කිරීම තුළින්  වඩාත් යහපත් තොරතුරු පනතක් ගොඩ නැගීමට හැකි වෙනවා.

අපේ රටේ බොහෝ නීති තිබෙනවා අයිති අයිතිවාසිකම් දෙනවා. නමුත් තවත් නීතියකින් එම අයිතිවාසිකම්  යට කරනවා .මිනීමැරුමක් සිදු වුණාම ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් ජනාධිපතිවරයාගේ බලතල අනුව එම පුද්ගලයා නිදහස් කළ හැකිව තිබෙනවා. ඒ අනුව පවතින නීතිය යටපත් වෙනවා. ඒ මම කිව්වේ උපරිම උදාහරණයක්. නමුත් සාමාන්‍ය තත්වයන් තුලදී  පවා පුද්ගලයන්ගේ දැනුම හැකියාව හා නීතිඥ භාවය අනුව නීතිය  වෙනස් වෙනවා.

ඒ වගේම තොරතුරු ලබා දීමේදී කල් ගතකොට  තොරතුරු ලබා ගැනීමට අදහස් කරන පුද්ගලයාට එය එපා වන තත්ත්වයට පත් කිරීමක් ද දක්නට ලැබෙනවා .මෙවැනි උපක්‍රම ද සමහර අය තොරතුරු ලබා නොදීමට  පාවිච්ච්  කරනවා.

ඒ ඇරෙන්න අපේ නීති පද්ධතිය ක්‍රියාත්ම නොකිරීම සඳහා පැරණි ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා.  තොරතුරු  වල අයිතිය තිබෙන්නේ කාටද කියා අපට නිලධාරීන්ට පැහැදිලි කරන්න මහත් වෙහෙසක් ගන්න  ගන්න සිදු වුණා .සමහර නිලධාරීන් සිතා සිටින්නේ  තොරතුරුවල අයිතිය තිබෙන්නේ ආණ්ඩුවට කියා. නැත්තම් ආණ්ඩුවක් විසින් පත් කරනු  ලබන  නිලධාරීන්ට කියා. ආණ්ඩු පත්කරන්නේ ආණ්ඩු කරන හැටි කියා දෙන්නෙත් නිලධාරීන් පත් කරන්නෙත් ඔවුන්ට වැටුප් ගෙවන්නේ මහජනයා. තොරතුරු අයිති මහජනයාටයි.

මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ නීතිඥ දුලාන් දසනායක මහතා විසිනි.

චන්ද්‍රසේන ගමගේ

Advertisement

Videos

Featured Video Play Icon

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Featured Video Play Icon

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Facebook Page