නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – අනුරාධපුර

 - August 24th, 2020 - 

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ.

එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. එයින් පළමු වන පුහුනුව අනුරාධපුර මානව හිමිකම් මද්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදි. මෙම පුහුණුව සඳහා එක් ප්‍රදේශයකින් මානව හිමිකම් ක්‍රියාදරයින් 30 දෙනෙකු සහබාගි කරවා ගනි. අනුරාධපුර පැවති පුහුණුව සඳහා ද එම ප්‍රමාණය සහබාගි විය. එම පිරිස ඉතා උනන්දුවෙන් හා දැනුවත්භාවයෙන් යුතුව මෙම වැඩසටහන සඳහා සහබාගි විය.

පුහුණ මෙහෙයවන ලද්දේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා, ඇන්තනි විනෝත් මහතා හා විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතාගේ සහබාගිත්වයෙන් සිදු විය. නව මධ්‍යස්ථානය පිහිටා ඇත්තෙ අනුරාධපුර නගර මද්‍යයේය. එහි සම්බන්ධිකාරක ලෙස නිමල් දිසනායක මහතා කටයුතු කරයි.

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil