පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

 - August 23rd, 2021 - 

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි.

මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත.

ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව මතුගම වෑත්තෑව රජයේ රෝහලට රැගෙන ගොස් ඇති නමුත් ඒ් වන විටත් ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරුර කළුතර නාගොඩ රෝහලට යවා ඇත.

මෙම වසරේ ගත වු මාස අටක කාලය තුල පොලිස් අත්අඩංගුවේදි සැකකරුවන් 08 කු මිය ගොස් තිබුණි.

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil