Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!

අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ.

තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය (19දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැවති පැමිණිලි විභාගයට ගිය අවස්ථාවේ පැමිණිලිකාරියගේ බාප්පා බව කියන ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකු විසින් පහරදී තිබේ.

පහරකෑමට ලක්ව සිටින තරුණයා ඒ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ පිහිටි රෝහල් පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනා අතර ඔහුගේ පියා වන විශ්‍රාමික යුදහමුදා නිලධාරියා විසින් පහරදීම පිළිබවදව පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටි.

පහරකෑමට ලක්වු තරුණයා පැමිණිල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සිය නීතිඥවරයා මගින් පහරදීම පිළිබදව විනිසුරුවරයාටත් සැලකර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ජාතික පොලිස් කොමිෂමේ දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියා විසින් සිය සහෝදරයාගේ දියණියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇතිවි තිබෙනා ගැටළුවකට මැදිහත්වී පොලිස්ථානයට පැමිණි තරුණයාගේ බෙල්ලට හා හිසට පහරදි තිබේ.

පහරකෑමට ලක්ව සිටින තරුණයා තරුණිය සමග වසර කිහිපයක් ඔහු සමග පෙම් සබධතාවක් පවත්වා තිබෙන බවත් අවස්ථාවකදී පැමිණිල්ල විසින් තරුණයාට දුරකථන තාක්ෂණය ඔස්සේ ඡායාරූපයක් එවා තිබේ.

දෙදෙනා සමග පැවති පෙම් සබධතාව බිඳවැටීමත් සමග ඡායාරූපය කරලියට පැමිණිම නිසා ආරවුලට මුල්වී තිබේ. එම සිද්ධියට දෙපාර්ශවයම පොලිස්ථානයට කැඳවූ අවස්ථාවේ ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන නිලධාරියෙකු බව කියන පුද්ගලයා විසින් තරුණයාට පහරදී තිබේ.

පහරකෑමට ලක්වු තරුණයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබේ.

බුද්ධික මහේෂ් – අනුරාධපුර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top