Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර

බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට  ගත් බවට චෝදනා කරමින් සුරංජිත් වික්‍රමනායක මහතා විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 16 කටයුතු කරන ලදී.
මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වදහිංසාවෙන් හා කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැලකීමට ඇති 11 ව්‍යවස්ථාව්ව්න් හිමිව ඇති අයිතියද, 12(1) ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකමද 13(1) හා 13(2) ව්‍යවස්ථා වෙන් හිමිව ඇති අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් හා දඩුවම් වලින් වැලකීමේ අයිතිය යන අයිතිවාසිකම් උල්ලංඝනය වීම යටතේ මෙම පෙත්සම විභාග කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙන්නේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතාගේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටීගල් සමග නීතිඥ ශෙලෝමි ඩැනියෙල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන ලදී.
මෙම සිදුවීමට සම්බන්ධ බදුරලිය පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්, බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා, මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා, කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද පොලිස්පතිවරයාද සමග නීතිපතිවරයාද වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම පවරා ඇති අතර මෙහි විභාග කරුණු දැක්වීම ඔක්තෝබර් 27 වන දිනට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.
මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යාම සදහාද පොලිස් වදහිංසනයෙන් පීඩාවට පත් සුරංජිත් වික්‍රමනායක මහතාගේ ඇතැම් පෞද්ගලික වෛද්‍ය වියදම් සදහාද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහයෝගය ලබා දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම විභාගයට අවසර දීමෙන් පසු අදහස් දක්වමින් සුරංජිත් වික්‍රමනායක මහතා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද නීති ආධාර ඇතුළු අනෙකුත් සහයන්ටද එම ආයතනයයේ කටයුතු කරන මානව හිමිකම් ආරක්ෂක අමිතා ප්‍රියන්ති මහත්මිය විසින් ලබා දුන් සහයෝගයට හා මගපෙන්වීමටත් සිය ගෞරවය හා ස්තූතිය පුද කර සිටින ලදී.
Translate »
Scroll to Top