Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් බන්ධනාගාර දෙකක් තුළට ඇතුළු වීම සහ ගිනි අවියක් පෙන්වා ඉකුත් සැප්තැම්බර් 12 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වි ඇත.

නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර දේශපාලන කණ්ඩායම් මෙන්ම සිවිල් සමාජ සංවිධානද රජයෙන් ඉල්ලා තිබුණේ මේ සම්බන්ධ ස්වාධීන විමර්ශණයක් අවශ්‍ය බවය.

අද පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම් පිළිබඳව නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි ඇමතිවරයා මෙම සිද්ධීන් හෙළා දුටු අතර  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් තර්ජනය කළ බව කියන දෙමළ සිරකරුවන්ගෙන් තමන් සමාව අයදින බවට ද කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top