Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

හෙරොයින් චෝදනා කොට දින 100ක් රිමාන්ඩ් කළ විශ්වවිද්‍යාල සිසුවා නිදහස්…

හෙරෝයින් ලග තබා ගත් බවට බොරැ චෝදනා කොට දින 100ක් රක්ෂිත බන්ධානගාර කර සිටි, පේරාදෙනිය විශ්ව විද්‍යාලට අනුයුක්තව උපාධි පාඨමාලවක් හදාරණ සිසුවෙකු පසුගියදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කොට තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 15 වන දින මෙම ශිෂ්‍යයා යතුරැපැදියකින් ගමන් ගමිනිමින් සිටි අවස්ථාවේ දී කන්තලේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරෝයින් මිලිග්‍රෑම් 4005ක් සන්තකයේ තබා ගත්තා යැයි 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමිනි. අත් අඩංගුවට ගැනීමෙන් පසුව මෙම තරුණයාට පොලිස් නිලධාරීන් විසින් පහර දීම ඇති බවද වාර්තා වේ.

2020 ඔක්තෝබර් 16 වන දින සිට දින 100ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කර සිටි මෙම තරුණයා පසුගිය ජනවාරි මස 25 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ පොලීසිය විසින් ඉදිරිපත් කළ ද්‍රව්‍ය හෙරෝයින් නොවන බවට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව අධිකරණයට ලැබීම හේතුවෙනි.

ඒ් අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වන වගන්තියේ විධි විධාන අනුව කටයුතු කරමින් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි 25 වන දින මෙම තරුණයා අදාල චෝදනාවෙන් නිදහස් කර ඇති අතර, ඔහු සමග අත්අඩංගුවට ගත් ඔහුගේ මිතුරා හා ඔහුගේ යතුරු පැදියද මුදාහැර තිබුනි.

මෙම තරුණයා වෙනුවෙන් නීතීඥ සුනෙත් ආර් විමලසිරි මහතා පෙනී සිටින ලදී. නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිණවීම හා බොරු චෝදනා ඉදිරිපත් කරමින් නඩු පැවරීම ඇතුලු මේ තරුණයාගේ මූලික අයිතිවාසිකම් කඩකිරී සම්බන්ධව ජාතික මෙන්ම ආසියානු මානව හිමිකම් කොමිසම ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කිහිපයකගේ විශේෂ අවධානය මේ වන විට යොමු වී තිබේ.

උපුටා ගැනීම – www.aithiya.lk

Translate »
Scroll to Top