Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

“හෙලා දැකීමේ දිනය” ප්‍රියන්ත වෙනුවෙන්

ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම  “ඉස්ලාම් විරෝධී”  කටයුත්තක් සහ “නීතියෙන් පරිබාහිර ඝාතනයක්” ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන්  එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස නම් කර තිබේ.

ඉස්ලාමීය නිකාය ගණනාවක පූජකවරුන් සහ නීති විශාරදයන් එක්ව පිහිටුවාගෙන ඇති පකිස්තාන උලෙමා  සභාව මෙම නිවේදනය කළේ තම ශෝකය පල කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් හමුවීමෙන්  අනතුරුව ඔහු හා එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

Pakistan set a date of condemnation for Priyantha

වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි විවිධ නිකායන්ට අයත් පූජක මණ්ඩලය  නිකුත් කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් කියවු ඉස්ලාමීය උලෙමා  සභාවේ සභාපති ආචාර්ය කිබ්ලා ආයාස් මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමට සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට විවිධ නිකායන්හි සියලුම විද්වතුන් රැස්ව සිටින පැවසීය

ප්‍රියන්ත දියවඩන ඝාතනය අමානුෂික ක්‍රියාවක් බවත්, සාක්ෂි නොමැතිව යමකුට දේවාපහාස චෝදනා නැගීම ෂරියා නීතියට අනුකූල නොවන බවත් ඔහු අවධාරණය කළේය.

“මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව පකිස්තාන රජය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීම ගැන අපේ ප්‍රසාදය පළකරමු,” යි ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම උලමාවරුන් මුණගැසීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ කියා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top