Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කුඩාඔය පොලිස් නිලධාරියෙකු විසින් පහරදීම

කාලයකට පසු සතියකට වරක් ඇසෙන පොලිස් වධහිංසා ප්‍රමාණය නැවත වැඩි වී ඇත. මෙය වාර්ථා වන්නේ කුඩාඔය ප්‍රදේශයීනි. තමන්ට සාධාරණය ඉශ්ඨ කර ගැනීමට රාජ්‍ය ආයතනයක් වන පොලිසියට යන පුද්ගලයනට අත් විදීමට සිදු වන ඉර්ණම ඉතාම ත්‍රාස්‍යජනකය. ඔහුගේ කථාව ඔහු මෙසෙ පැවැසීය.

“ එල්. රොෂාන් ජයරත්න වන මම  දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ගොවිතැන් කරමින් ජීවත් වෙමි (වයස අවු 35). 2020/02/27 දින මාගේ වැඩිමල් සහෝදරියගේ දියණිය විදේශිකයන් ප්‍රවාහනය කරමින් සිටින බස් රථයක හැපී මිය යන ලදි. එම සිදුවීමට ඔවුන්ට වන්දියක් හෝ සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා මා ඇතුළු ප්‍රදේශවාසීන් විසින් පැයක පමණ විරෝධතාවයක යෙදුනි. එම සිදුවීමට පසු  මාගේ මෝටර් බයිසිකල් බලපත්‍රය නැති වී පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී ස්ථානාධීපති වරයා විසින් මා හට ඉහත විරෝධතාවය පිළිබඳ සිහිපත් කරමින් තර්ජනය කල අතර  එම කටයුතු ප්‍රමාද කළේය. මාගේ සහෝදරියට මෙම ස්ථානාධිපතිවරයා විසින් ඇයගේ වරදින් දරුවා අනතුරට ලක්ව මියගියේ යැයි පැවසීම නිසා ඇයගේ මියගිය දරුවාගේ නඩුව දින රාත්‍රියේ සියදවි නසාගෙන මිය ගියහ.

2020/10/10 දින පෙ.ව. 10.00 ට පමණ කුඩාඹය පොලිස් ස්ථානයේ මදනායක සහ පියසේන යන නිලධාරීන් දෙදෙනාත්  තවත් නිලධාරියෙකුත් මාග් නිවසට පැමිණ මා ලඟ තුවක්කු 02 ක් හා කසිප්පු ඇති බවට 119 ට ලබාදුන් ඇමතුමකට අනුව පැමිණි බව පවසා මා කුඩාඔය පොලිස් ස්ථානයට ගෙනගොස් පොලිස් සිර මැදිරියේ රඳවා තැබූ අතර එදින රාත්‍රී 10. 05 ට  පමණ සාජන් අජිත් නිලධාරියා විසින් මා සිර කුටියෙන් එලියට ගෙන OIC මහත්තෙයා ආවා ඇප දෙන්න පුළුවන් යැයි පවසා ස්ථානාධිපතිවරයාගේ කාමරයට ගෙනගියා. ඔහු ඒ අවස්ථාවේ බීමත්ව සිටියේය. ඉන්පසු ස්ථානාධිපතිවරයා විෂබීජ නාශක දියර ඔහුගේ අතට ගෙන මාගේ මුහුණ පුරා දමා මුහුනට පපුවට හා කොන්දට විනාඩි 20 ක් පමණ අත මිට මොලවා පහර දෙන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු මගේ කොණ්ඩෙන් ඇදගෙන ගොස් නැවත සිර කුටියට දමා පිසතෝලයක් මා දෙසට එල්ල කර අසභ්‍ය වචනයෙන් බැන වෙඩි තියන බවට තර්ජනය කර යන්න ගියා. ටික වෙලාවකට පසු මගේ කනෙන් හා කටින් ලේ ගැලුවා. මම එම ස්ථානය අසල රැඳි නිලධාරියෙකුගෙන් පැනඩෝල් ඉල්ලා සිටියද එසේ නොදී  තර්ජනය කලා.

පසුදින 11.30 ට පමන පොලිස් වාහනයකින් ම වැල්ලවාය මූලික රෝහලට මා ඇතුලත් කලා.පසුව මා සිරිගල රෝහලටත් ඉන්පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහලටත් මාරුකර යැවූ අතර එම පරීක්ෂණ වලින් මාගේ තත්වය පිළිබඳ කිසිඳු වෛද්‍යවරයෙක්  මා හට රෝගී තත්වය පිළිබඳ ප්‍රකාශයක් නොකළේය.මා හට පහර දුන් කුඩාඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ මොනරාගල රෝහලේ සේවය කරන බවත් මාගේ වෛද්‍ය වාර්ථා පිළිබඳ යම් සැකයක්  ද පවති.”

මේ සිදුවීම සම්බඳව වහාම ක්‍රියාත්මක වු වැල්ලවාය මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ සම්බන්ධිකාරක අචල පියුමන්ත මහතා මේ පිලිබඳව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට දන්වා වැඩිදුර ක්‍රියාමාර්ග ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුලු වගකිව යුතු වෙනත් ආයතන වෙතද පැමිණිලි ඉදිරිපත් කරන ලදි.

Translate »
Scroll to Top