Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි.

ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින් යතුරුපැදියක් හඹා ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමය.

එහිදී මිය ගොස් තිබුණේ අම්ලන්තොට, කොග්ගල්ල පදිංචි වික්‍රමගේ වසන්ත නොහොත් කඩවර පුතා (32) හා අම්බලන්තොට, අක්කරකාල්ගොඩ පදිංචි ඈපා කංකානම්ලාගේ මහේෂ් ක්‍රිශාන්ත (34) යන පුද්ගලයින් දෙදෙනාය.

පෙරේදා (17) දහවල් දෙබරවැව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කා ගොස් ඇති බවත් ඒ් පිලිබඳ තොරතුරු තිස්සමහාරාම පොලිසිය විසින් අවට පොලිසි දැනුවත් කර ඇති අතර ඒ් අනුව සුරියවැව පොලිස් නිලධාරින් රැගත් ජිප් රථයකට මෙම යතුරුපැදිකරුවන් හමු වී ඇති අතර එහිදි දෙපාර්ශවය අතර හුවමාරු වු වෙඩි තැබීමකදී මොවුන් දෙදෙනා තුවාල ලබා ජිවිතක්ෂයට පත් වු බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියි.

මෙම අවස්ථාවේ යතුරුපැදිය මහේෂ් නැමැත්තා ධාවනය කර තිබෙන අතර පසුපැදිකරු ලෙස ගොස් ඇත්තේ වසන්තය. පොලිසිය තැබු එක වෙඩි උණ්ඩයක් වසන්තගේ පිට මැදින් ගොස් මහේෂ්ගේ වම් පපුව දෙසින් එළියට පැමිණ ඇත.

පොලිසීය පවසන ආකාරයට වසන්ත ඝාතනයක සැකකරුවෙකු වන අතර මොවුන් දෙදෙනාම ප්‍රදේශයේ හරක් සොරකම්, මාල සොරකම් ආදී ක්‍රියාවන් රැසකට සම්බන්ධ බවය.

එමෙන්ම මෙම සැකකරුවන්ද පොලිසියට තැබු වෙඩිල්ලක් නිසා එම වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ගිය පොලිස් ජිප් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටී ඇති බවද කියා සිටියි.

කෙසේ නමුදු අපරාධකරුවෙකුට පොලිසිය විසින් වෙඩි තැබීම කළ යුත්තේ ඔවුන්ගේ දණහිසෙන් පහළටය. නමුත් වර්තමාන පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාවය ප්‍රගණ වීම මත ඔවුන් දැන් සැකකරුවන් ජිවිතක්ෂයට පත් වන ආකාරයෙන් වෙඩී තැබීමේ හැකියාව ඇත.

නමුත් ඔවුන්ගේ මෙම හැකියාව දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයින්ට ක්‍රියාත්මක නොවේ. ඒ් අවස්ථා වලදී යාන්තමට වෙඩිල්ල වැරදේ.

මෙම වසර තුලදි මේ වන විට පමණක් පොලිසිය අනීතික ඝාතන 07 ක් සිදු කර ඇත. ඒ්  05-11 දා දිනෙත් මෙලාන් මාඹුලගේ නොහොත් උෟරු ජුවාට වෙඩි තැබීම, 05-12 දා කොස්ගොඩ තාරකට වෙඩි තැබීම. 05-17 වැලිගමදි වරාය සේවකයෙකු වු සුනිල් ඉන්ද්‍රජිත්ට මහ මඟදි පහර දිම, 06-03 මඩකලපුව ප්‍රදේශයේදි අත්අඩංගුවට පත් චන්ද්‍රන් විදුෂන් සිර මැදිරියේදි අසනිප වී මිය යාම, 06-06 පානදුර ප්‍රදේශයේදි මොහොමඩ් අලි නැමැත්තා පොලිස් ජිප් රියෙන් ගමන් කරන විට බිමට ඇද වැටී මිය යාම හා සුරියවැව සිදු වු මෙම ද්විත්ව ඝාතනය ඒ් ඝාතන 07 ට අයත් වේ.

Translate »
Scroll to Top