Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ගම්පොලට පුරවැසි කමිටුවක්

වෙනසකට මුළපුරමු තේමාව යටතේ ගම්පොල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 15 වනදින ගම්පොල ගැලවීමේ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අදහස් දැක්වීම් පිලිප්දිසානායක හා නීතිඥ ලක්ෂාන් ප්‍රණාන්දු මහතා විසින් සිදු කරන ලදී.

මෙම සම්මන්ත්‍රණයෙන් පසුව ඇති වූ පොදු අදහස් දැක්වීමේ දී මෙම සංවාදය අනෙකුත් ප්‍රදේශයන් වෙත ගෙන යාම සදහාත්, ප්‍රදේශයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමත් සදහා ඉදිරි වැඩ පිළිවෙලක් සකසා ගැනීමේ අවශ්‍යතාවයපිළිබදව වැඩි දෙනෙකු අදහස් දක්වන ලදී.

එම සාකච්ඡාව අනුව ගම්පොල ප්‍රදේශයේ මේ සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීම සදහා 12 දෙනෙකුගෙන් සමන්විත පුරවැසිකමිටුවක් පත්කර ගැනීම සිදු විය. එම කමිටුව විසින් ගම්පොල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක්සැකසීමටත් අනුව ඉදිරි වැඩ සැලසුම් කිරීමටත් තීරණය කරණු ලැබීය.

 

තරුණ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් මහනුවරට පසුගිය අගෝස්තු මාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් තරුණතරුණියන් 60 දෙනෙකු සදහා පුරවැසි අයිතිවාසිකම් පිළිබදව මූලික වැඩ මුළුවක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේමහනුවර සම්බන්ධිකාරක ගාමිණී රත්නගුණසේන විසින් සංවිධානය කරන ලදී.

එහි දී පැමිණි එකගත්වය මත මහනුවරට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ගොඩනැගීම සදහා යෝජනා විය. අනුවපසුගිය අගෝස්තු මාසයේ පැවති  වැඩමුළුවෙන් තෝරාගත් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග එක්දින පුහුණුවැඩසටහනක් ඔක්තෝබර් 16 වන දින මහනුවර බේක්හවුස් ආයතනයේ දී පැවැත් විය.

පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක, නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මෙම වැඩ මුළුවේ මූලික දේශණ පවත්වන ලදී. මෙමවැඩමුළුවෙන් පසුව මහනුවර ප්‍රදේශයට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි ස්වේච්ඡාවෙන් කටයුතුකිරීමට තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමත් සිදු විය.

Translate »
Scroll to Top