Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ගෝල්ෆේස් අරගලයට සහභාගී වී වොයිස්කට් දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට !

මීට දින කිහිපයකට පෙර ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ පන්නල ප්රදේශයේ පදිංචි, ගම්පහ-යක්කල ප්රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින තරුණයන් දෙදෙනෙකු ඊයේ (02) දිනයේ යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ගෙන ආ මොහොතේ පොලිසියේ අපරාධ අංශයේ ප්රධානියා විසින්,
” තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස්කට් දුන්නා නේද ? “
යනුවෙන් පවසා ඔවුන්ට පහර දී, අපරාධ අංශයේ සිර කූඩුවක සිරගත කර ඇත. ඉන් පසු දිනයේ නැවත කුඩූවෙන් එළියට ගනිමින් නැවත පහර දී ඇති අතර, මේ වනවිට ගෝල්ෆේස් අරගලයට යාම හේතුවෙන් ඔවුන් දෙදෙනා හට කිහිප වතාවක් යක්කල පොලිසිය විසින් පහර දී තිබේ.
සමන් කුමාර රන්තිලක නම් මේ තරුණයා ගෝල්ෆේස් අරගලයේ සිටින අයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග ද පාර්ලිමේන්තුවේ දී නම් වශයෙන් සඳහන් කර තිබේ.
ඉන් පසු ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක ඔවුන්ගේ නිවසට පැමිණි පොලිස් නිළධාරින් විසින් ඔවුන්ගේ මෝටර් සයිකලය නීතිවිරෝධී ලෙස පොලිසියට රැගෙන ගොස්, එය ලබාගැනීමට නම් පොලිසියට එන ලෙස පවසා ඔවුන් ව පොලිසියට ගෙන ගොස් ඇත.
එහිදී ඔවුන් පොලිසියට යාමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මොහොතේ නීතිඥ Roshan Kahatapitiya ඔවුන් වෙනුවෙන් පෙනී සිට තිබේ.
මේ මොහොතේ නීතීඥ Tharanga Weerasinghe Nimal Ranasinghe ඇතුළු නීතීඥවරුන් පිරිසක් එම ස්ථානයේ මේ මොහොතේ රැඳී සිටින අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හේතු වසන් කරමින් මේ මොහොතේ පවසන්නේ, ඔවුන් තම තාවකාලික නිවසේ කංසා වගා කළ බවයි.
නමුත් පොලිස් පරීක්ෂණවලදී එම නිවසේ එසේ කිසිදු ආකාරයක නීතිවිරෝධී සිදුවීමක් සිදු වූ බවට සාක්ෂි හෝ, අත්අඩංගුවට ගත් හේතුව ලෙස මත්ද්රව්ය චෝදනාවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති අතර පහරදීමෙන් ඇතිවූ තුවාල සහිතව සිටින තරුණයන් පිළිබඳව අසත්ය කරුණු පවසමින් පොලිසිය විසින් නීතීඥවරුන් නොමග යවමින් සිටියි.
නීතිඥ සංගමයේ ප්රධානී සාලිය පීරිස් ඇතුළු නීතීඥවරුන් මේ පිළිබඳව මානව හිමිකම් චෝදනාවක් ද ගොනු කිරීමට මේ මොහොතේ ක්රියාකරමින් සිටින අතර තවමත් අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් පොලිසිය විසින් ප්රකාශයට පත්කර නොමැත. නන්දසේන ගෝඨාභයගේ දූෂිත ආණ්ඩුවට විරුද්ධව ජන අරගලයට සහභාගී වීම මත තරුණයන් දඩයම් කරමින් සිටින වත්මන් රජය තම පාදඩ මර්දනය මේ මොහොතේ විවිධ ආකාරයෙන් ආරම්භ කර තිබේ !
නීත්යානුකූල ක්රියාමාර්ග වෙනුවට හොර පාරෙන් සිදුකරන ලබන අත්අඩංගුවට ගැනීම් සහ නන්දසේනගේ කුලී මිනීමරුවන් යොදාගෙන කරනු ලබන මර්දනය දැඩිව ක්රියාත්මක වෙමින් තිබේ !
මේ ආරම්භයක් පමණයි. නැවතත් මුලු රටම රඹුක්කනක් බවට පත්කිරීමට ඇත්තේ තව සුලු මොහොතයි. මේ මොහොතේ පෙනී ඉන්න !
නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් ඇතුළු භාෂණයේ නිදහස අහිමි කිරීමට එරෙහි වන්න !

” යම්කිසි ඇත්තක් කියන විට ඔබට රිදෙයි නම් ඔබ ඒ ඇත්තෙහි වරදකරු ය “

උපුටා ගැනීම Thamal Manjitha Weerasinghe
Translate »
Scroll to Top