Right To Life Human Rights Center

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මැයෙන් 2021 මාර්තු 10 වන දින දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හී දී වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක හා නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු සහභාගී විය.

ඒමෙන්ම, මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා පොලිසියේ වධ හිංසාවට ලක් වූ ගොකරැල්ල උසස් පෙළ අහිමි වු සිසුවාගේ මව වන යමුනා කුමාරි, පූගොඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ගයාන් පුෂ්පකුමාරගේ බිරිඳ වන වාසනා, හක්මන පොලිසියේ පහර කෑමට ලක් වූ ධනුෂ්ක මධුරංග, බේරුවල පොලිසිය මඟින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන සාවද්‍ය නඩුවක් ගොනු කළ බේරුවල යොහාන්, බදුරලිය පොලිසියේ පහර කෑමට ලක් වු සුරංජිත් හා වසර විසි එකක් පුරා සිය සහෝදරයාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලන අමිතා ප්‍රියන්ති යන මහත්ම මහත්මීන්ද අදහස් දැක් වුහ.

Scroll to Top