Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලිසියේ අවම බලය භාවිතය ඉතා පිළිකුල්සහගතයි!

ඊයේ දින (19) රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් අහස උසට යන ජිවන වියදම් දරාගනු බැරිම අවස්ථාවක මහා මාර්ගයට බැස අරගලයක නියතවෙමින් සිටියදි අවම බලය භාවිත කරන මුවාවෙන් සිදු කල වෙඩි තැබීම් ඉතාම පිලිකුල්සහගතයි. මෙම වෙඩි තැබීම හේතුවෙන් 15කට අධික පිරිසකට වෙඩි වැදි ඇති අතර එම මොහොතේම එක පුද්ගලයක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

පොලිසිය විසින් සිදුකරන මෙම අමාණුශික ඝාතන ඊයේ දිනයේ පමණක් සිදුකළ ඒවා නොවේ. මෑත ඉතිහාසයේ කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරු අරගලය, රතුපස්වල ජනතාවගේ පානිය ජල ගැටළුවේදි හා හලාවත ඉන්ධන ගැටළුවේදීත් පොලිසිය විසින් භාවිතා කලේ මේ කියන අවම බලයයි. අවම බලය ලෙස පාවිච්චි කල යුත්තේ රබර් උණ්ඩයි. ඒවායින් වෙඩි තැබිය යුත්තේ පාද හෝ අහසට හැර මිනිස් ශරීරයට නොව.

පොලිසිය මේලෙස ක්‍රියාතමක වන්නේ නිරායුධ සිවිල් වැසියාටයි. නමුත් මෙම ක්‍රියාත්මක වීම අනීතිකයි. මේ සම්බන්ධව වග කිවයුතු ආයතන වලින් ඉක්මණව මැදිහත්ව ස්වාධීන පරීක්ශණයක් පවතන්ව ලෙසයි.

Translate »
Scroll to Top