Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීම.

72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙරට දිස්ත්‍රික්ක අටක දීර්ඝ කාලයක් පුරා මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් ඇගයීමට ලක් කීරිම මේ දිනවල සිදු කරමින් පවතියි.

ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධික්ෂණය යටතේ යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් 2018 දී මානව හිමිකම් දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ආරම්භ විය. ඒ් ප්‍රජා සහභාගතීත්වය තුලින් වග වීම සහ සංක්‍රාන්තියට මුල පිරීම යන ව්‍යාපෘතිය අනුවය.

මෙහි වැඩසටහනේ පළමුවෙන් ආරම්භ කෙරුණේ ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙනි. පසුව දෙනියාය, හම්බන්තොට, වැල්ලවාය, බදුල්ල, හැටන් යන දිස්ත්‍රික්ක වල මේ වන විට පවත්වා අවසන් කර ඇත. ඉදිරියේදි ගම්පහ සහා කන්තලේ මානව හිමිකම් ආරක්ෂකයින් ඇගයීමට නියමිතව ඇත.

මෙහිදි ඇගයීමට ලක් කරනු ලබන්නේ මානව  හිමිකම් දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වල සම්බන්ධිකාරවරුන් සහ එක් මධ්‍යස්ථානයක විශේෂයෙන් හඳුනාගත් මානව හිමිකම් ක්‍රියාධරයෙක් ඇතුලු තෝරා ගත් 15 කු බැගින් 120 කුය.

Translate »
Scroll to Top