Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමක් ගම්පහදී

ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධවී දිස්ත්‍රික්කය තුළ මානව හිමිකම් සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම උදෙසා විශිෂ්ඨ සේවයක් ස්වෙච්ඡා සහභාගිත්වයෙන් ලබා දුන් මානව හිමිකම් ක්‍රියාධරයින් කණ්ඩායමක් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක්  දෙසැම්බර් මස 19 වන දින ජාඇල ප්‍රදේශයේදී පැවැත්වුනි . නියමිත සෞසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු මෙම වැඩසටහන සදහා ජාඇල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය නියෝජනය කරමින් නිලධාරින් කිහිපදෙනෙකුද, ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද , ප්‍රදේශයේ නීතිවේදියෙකු වන චාමර ජයසිංහ මහතා සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා ඇතුළුව මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි වී තිබුණි .
මෙහිදී තෝරාගත් මානව හිමිකම් ක්‍රියාධරයින් කිහිපදෙනෙකුගේ සේවය ඇගයීමට ලක් කරමින් සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රධානයක් සිදුකෙරුනි .

Translate »
Scroll to Top