Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව ජනතාව සතු ඡන්දය ප්‍රකාශය කිරිමේ අයිතියත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති අයිතියත් පිළිගනු ලබයි. එම පිළිගැනීමට අනුව ඡන්දය පැවැත්වෙන දිනය දක්වාත්, ඡන්දය පැවැත්වෙන දිනයේදීත්, ඡන්දය අවසන් වු කාල සීමවේදිත් සියලුම පොලිස් නිලධාරීන් මෙම මාර්ගෝපදේශ පිලිපැඳිය යුතු වේ.

එනම් මැතිවරණයට පෙර, මැතිවරණ දිනයේ, මැතිවරණ දිනයට පසු දිනවල සිදු වන හිංසනයන් පිලිබඳ පැමිණිලි භාර ගැනීමත්, ඒවා විමර්ශනය කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට අනුව සිදු කළ යුතුය. එමෙන්ම මෙම පැමිණිලි සම්බන්ධ විමර්ශන පක්ෂග්‍රාහි නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු අතර දේශපාලන බලපෑම් හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා එය පැහැර හැරීමක් සිදු නොකළ යුතුය. තෙවැනි කරුණ ලෙස එහි සඳහන්ව ඇත්තේ පොලීසියේ හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ මුලිකත්වයකින් කෲර වධහිංසාවකට, අවමන් සහගත සැලකිල්ලකට, දඬුවමකට භාජනය නොකළ යුතුය යන්නය.

වෛරී ප්‍රකාශන පිලිබඳව පොලිසිය නීති ප්‍රකාරව ක්‍රියා කළ යුතුය.

මැතිවරණ ප්‍රචාරණය හා සම්බන්ධ නීති සර්ව සාධාරණව සියලු පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු අතර කවර හේතුවක් මතවත් වෙනස්කමකමකට භාජනය නොවිය යුත්තේය.

ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවසරපත්‍ර ලබා දීමත්, මැතිවරණ රැස්වීම් පැවැත්වීම් සඳහාත්, පෙරහැර පැවැත්වීම පැවැත්වීම සඳහාත් අවසර ලබා දිය යුතු අතර එය කිසිදු පාර්ශවයකට අඩු වැඩි වශයෙන් ලබා දිය නොහැක.

අත්පත්‍රිකා, පෝස්ටර්, අපේක්ෂකයින්ගේ ඡායාරූප, සංකේත, කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කිරීමද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව අනුව සිදුවිය යුතුය.

ඡන්දය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

ඡන්ද පොළවල් සහ සෙසු ස්ථාන සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවක් ලබා යුතු අතර රටේ පවතීන නීතින් අනුගමනය කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලුම උත්සහයන් දැරිය යුතුය.

දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් මැතිවරණ නීති උල්ලංඝණය කරයි නම් ඔවුන්ගේ තත්ත්වය හෝ දේශපාලන තත්ත්වය හෝ දේශපාලන තත්ත්වය නොතකා නීතිය සමානව ක්‍රියාත්මක කළ යුතුය.

පශ්චාත් මැතිවරණ හිංසනයන් ඇතුලු මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් වැලකීම පොලිසිය සතු වන අතර මෙහිදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් එරෙහි වීම් නොවීමට වගබලා ගත යුතුය.

මැතිවරණ සමයේ සිදු කරන ප්‍රචාරක කටයුතු වලදී මෙන්ම පශ්චාත් මැතිවරණ පශ්චාත් සමයේ ජයග්‍රහණ සැමරීම සඳහා සිදු කරන කටයුතු වලින් මහජනතාවට කිසිදු පීඩාවක් සිදුනොවිය යුතුය යන්න මෙම මාර්ගෝපදේශ මාලාවේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් යුක්තව මෙම මාර්ගෝපදේශමාලාව නිකුත් කර ඇත.

http://www.hrcsl.lk/hrcsl-issues-guidelines-to-police-officers-on-parliamentary-general-election-2020/

Translate »
Scroll to Top