Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

රඹුක්කන සිදු වීට අදාල තීන්දුව ලබා දෙයි.

රබුක්කන සිද්ධියට අදාලව තීන්දුව අද දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදි වාසනා නවරත්ණ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදි සඳහන් කරන ලද්දේ රබුක්කන සිදු වෙඩි තැබීම ඝාතනයක් බවත් අදාල වෙඩි තැබීම සිදු කල අයත් එයට නියෝග දුන් අයත් වහාම අත් අඩංගුවට් ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය.

මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල ලැබීය. මෙහි මරණ පරීක්ෂණය සිදුකළ කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය වෙඩි තැබීමෙන් සිදුවූ ඝාතනයක් බවය. ඒ අනුව විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

මේවනවිට මෙම සිදුවීම පිළිබඳව සීඅයිඩීය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

 

 

 

Translate »
Scroll to Top