Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

රයිට් ටු ලයිෆ් ආයතනයේ අරමුණුවල වෙනසක්,

වදහිංසාව, නීතිවිරෝධී ඝාතණ ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රයිට් ටු ලයිෆ් ආයතනයේ දිශානතියෙහි යම් වෙනසක් සිදු විය යුතු බවට පසුගියදා පැවති උපායමාර්ග සැලසුම් කිරීමේ වැඩසටහනකදී යෝජනා විය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ 2023/2025 උපායිමාර්ග සැලසුම් කිරීම සදහා පාර්ශව කරුවන් සමග මීගමුව කැම්ලට් හෝටලයේ දී පැවැති මෙම වැඩමුළුවේ දී මේ පිළිබදව අදහස් දැක්වූ සංවිධානයේ පාර්ශවකරුවන් කියා සිටියේ වත්මන් තත්ත්වය තුළ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් ද සංවිධානය අනාගතයේ දී කටයුතු කළ යුතු බවයි.

ආරාධිත අදහස් දැක්වීම් සදහා සහභාගී වූ ජාතික ධීවර සහයෝගීතා ව්‍යපාරයේ කැදවුම්කරු හා රයිට් ටු ලයිෆ් සංවිධානයේ සහභපති හර්න් කුමාර මහතා ප්‍රකාශකර සිටියේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන හා ආර්ථික හා සමාජීය අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන අතර විශාල බෙදීමක් තිබෙන බවත්, ඒය වැරදි සහගත බෙදීමක් බවත් ප්‍රකාශ කළාය. ඒමෙන්ම, ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා සදහන් කර සිටියේ දකුණේ මානව හිමිකම් පිළිබදව සැලකිය යුතු ක්‍රියාකාරීත්වයක් පැවතියත් උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි ඒවැනි ක්‍රියාකාරීත්වයක් දක්නට නොලැබීම සංවිධානයේ දුර්වලකමක් ලෙස දකින බවයි.

මෙම වැඩමුළුව ස්ට්‍රැටජික් ඉන්පිරේෂන් අයනය විසින් මෙහෙයවනු ලැබූ අතර, ඒම ආයතනය නියෝජනය කරමින් පීටර් රසල්, ආචාර්ය මංගල ප්‍රනාන්දු, අනුෂ්කා  විජේරත්න හා කසුන් කමලදාස යන අය සහභාගී විය. රයිට් ටු ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය හා ඒහි කාර්ය මණ්ඩලය සහ දිස්ත්‍රික්ක 5ක සම්බන්ධීකාරකවරුන් මෙම වැඩ මුළුව සදහා සහභාගී විය.

Translate »
Scroll to Top