Right To Life Human Rights Center

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් පැවති සංවාද ඊයේ (5) දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී පැවැත් විය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ දෙවැනි සංවාදය විය. මීට පෙර පුවත්පත් මණ්ඩල පණත ගැන මෙවැනිම සාකච්ඡාවක් පැවැත් විය.

ඊයේ පැවති සංවාද මණ්ඩපය සදහා මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ, සිනමාවේදී භුපති නලීන්, හිටපු නියෝජ්‍ය ජනමාධ්‍ය ඇමති කරැණාරත්න පරණවිතාරණ හා දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න යන අය අදහස් දැක්වීය. මෙම සංවාද මණ්ඩපය මෙහෙයවීම අයිතිය වෙබ් අඩවියේ කර්තෘ නීතිඥ දුලාන් දසනායක මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම සංවාදය අයිතිය FB ඔස්සේ සජීව විකාෂනය කරනු ලැබූ අතර පහත සැබැදියාව ඔස්සේ ඊට සම්බන්ධ විය හැක.

https://www.facebook.com/aithiya.lk/videos/4029604150391850
Scroll to Top