Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කරන  බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත් රජයක් ද බැස ගොස් ඇත්තේ කිසිදු යුක්තියක් ඉටු නොකරය.

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා බලපෑම් කරන බොහෝ ක්‍රියාකාරකම් අතර එකක් වූ කළු ජනවාරි සැමරුමට මේ වන විට වසර 11ක් ගත වී ඇත. අපරාධකරුවන් නිදැල්ලේ සිටීමෙන් සිදු වන්නේ අපරාධ සාධාරණීකරණය කිරීමකි.

එහෙයින් පරම්පරා ගණනාවක් යනතුරු හෝ ඒ බලපෑම් සිදු කරමින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කර දීමට කටයුතු කරන මෙන් මාධ්‍ය සමාජයෙන් මෙන්ම සියලු පුරවැසියන්ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

Translate »
Scroll to Top