Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?

මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සීඅයිඩීයේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් සීඅයිඩීය අත්අඩංගුවට ගත්විට සාමාන්‍යයෙන් රඳවා තබන්නේ 4වෙනි තට්ටුවේය. ඉඩකඩ සීමිත අවස්ථාවලදී පමණක් වෙනත් ස්ථානයක රඳවන අතර ඊයේ දිනයේ ඉඩකඩ තිබියදී පස්වෙනි තට්ටුවේ පුස්තකාලයේ මෙම කාන්තාව රැඳවූවේ ඇයි දැයි ප්‍රශ්නයක් බව පොලීසියේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.
මෙම රැඳවීමට අමතරව සීඅයිඩීය තුළ රාජකාරි කරන උසස් පොලිස් නිළධාරීන් භාවිතාකරන වැසිකිලියක් භාවිතා කරන්නට ද ඇයට අවශ්තාව ලබාදී ඇති අතර එලෙස අවස්ථාව ලබාදෙන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බව එම පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම අත්අඩංගුවට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව පසුගිය 10 දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී ඇති අතර  එහිදී පැමිණිලි පාර්ශවය ලෙස රාජ්‍ය උකස් හා යෝජනා බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ප්‍රකාශ කර ඇත්තේ 2017 දී ගොණු කර තිබුණු මෙම නඩුව සම්බන්ධයෙන් මේ වන විට වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ප්‍රගතියක් නොපෙන්වා ඇති බවයි
මෙම කරුණු දැක්වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර මෙම කාන්තාවට විරුද්ධව නැඟෙන චෝදනාව වන්නේ රු. ලක්ෂ 800ක පමණ මුදලක් කූට ලේඛන ඉදිරිපත් කර ගිණුම් 49කට දමා ඇති බවය.
කේ. සංජීව

 

 

Translate »
Scroll to Top